ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ පවතින යුදෙව් විරෝධී පලස්තීන හිතවාදී කඳවුරක් හේතුවෙන් සිසුන්ගේ උපාධි ප්රදානෝත්සවය ආරම්භ කිරීමට විශ්ව විද්‍යාල බලධාරීන් නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹීමට තීරණය කර තිබෙනවා.
එළබෙන ජූනි 21 දක්වා උත්සව 30 කට වැඩි ප්‍රමාණයක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර විශ්ව විද්‍යාලය බලධාරීන් පවසන්නේ සැලසුම් කළ පරිදි අමතර ආරක්ෂාවක් සහිතව ඒවා පැවැත්වෙනු ඇති බවයි.
හදිසි අධිකරණ වාරණ නියෝගයක් හරහා උපාධි ප්රදානෝත්සවය ආරම්භ වීමට පෙර කඳවුරු ඉවත් කිරීමට විශ්වවිද්‍යාල පාලනඅධිකාරිය උත්සාහ කළ නමුත් අධිකරනය පැවසුවේ විරෝධතාකරුවන්ට ප්‍රතිචාර දැක්වීමට සාධාරණ අවස්ථාවක් ලබා දීම සඳහා නඩුවිභාගය ජුනි 19 වන දින පැවැත්වීමට තීරණය කල බවයි.
නමුත් විරෝධතාකරුවන් පවසා ඇත්තේ ඔවුන්ගේ පැමිණීම උපාධි ප්‍රදානෝත්සවයට බාධා කරන්නේ කෙසේදැයි තමන් නොදකින බවයි. ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරයෙන් ලාභ ලබන සමාගම් ඉවත් කිරීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලය ඉල්ලීම් කරන තෙක් එම කදවුරැ වල රැඳී සිටීමට ඔවුන් තීරණය කර තිබෙනවා.
මෙම වාරණ නියෝගයට අදාළ අධිකරණ ක්‍රියාවලියේදී මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට ඉහළ පෙළේ යුදෙව් සංවිධාන ගණනාවක් සැලසුම් කර තිබෙනවා. ඔවුන් සිසු විරෝධතාවට විරෝධය පළ කර ඇති බවයි වාර්ථා වන්නේ