ආර්ජන්ටිනාවේ හිටපු ලෝක ශූර පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනාගේ මරණය මිනීමැරුමක් බවට චෝදනා එල්ල කරමින් වෛද්‍යවරු තිදෙනකුට, හෙද සම්බන්ධිකාරකයකුට, හෙදියන් තිදෙනකු ඇතුළු අට දෙනකුට නඩු පැවැරෙයි. ආජන්ටිනාවේ අභියාචනාධිකරණය තහවුරු කළේ ස්නායු ශල්‍ය වෛද්‍ය ලියෝ පෝල්ඩෝ ලූක්, මනෝ වෛද්‍යවරියක වන ඔගස්ටිනා කොසාකෝව් ඇතුළු විත්තිකරුවන් චෝදනා ප්‍රතික්ෂේප කළ හෙයින් නඩු විභාගය ආරම්භ කරන බවයි. ඩියාගෝ මැරඩෝනාගේ මරණය නොසැලකිලිමත්කම නිසා වූ බවට චෝදනා එල්ල වූ වෛද්‍ය වෘත්තිකයන්ට එරෙහි පැවැත්වෙන අපරාධ නඩු විභාගය ලබන ඔක්තෝබර් මාසයේදී ආරම්භ වේ.
වසර 2020 නොවැම්බර් මාසයේදී මැරඩෝනා වයස අවුරුදු 60දී මියගිය අතර, ආර්ජන්ටිනාවේ රජයේ අභිචෝදක විසින් කැඳවන ලද වෛද්‍ය විශේෂඥයින් 20කගෙන් යුත් වාර්තාවකින් 2021 වසරේදී නිගමනය කළේ මැරඩෝනාට සුදුසු වෛද්‍ය මධ්‍යස්ථානයක ප්‍රමාණවත් ප්‍රතිකාර ලබාදුන්නේ නම් ජීවිතය බේරාගැනීමට වඩා හොඳ අවස්ථාවක් තිබූ බවය. මැරඩෝනා හෘදයාබාධයකින් සහ පෙණහලු ඉදිමීමකින් මියගිය බව මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ අතර, ඔහු මොළයේ ශල්‍යකර්මයකින් සුවය ලබමින් සිටි නමුත් රෝහලක සිටීම වෙනුවට බුවනෝස් අයර්ස් තදාසන්න ප්‍රදේශයේ නිවසකදී ප්‍රතිකාර කිරීම ආරම්භ විය. විත්තිකරුවන් අට දෙනා මැරඩෝනාගේ සෞඛ්‍යය භාර වෛද්‍ය වෘත්තිකයන් ලෙස ඔවුන්ගේ කාර්යභාරය ඉටු කිරීම පිළිබඳ ප්‍රශ්න පැනනැඟී ඇති බව විනිසුරු ඔර්ලන්ඩෝ ඇබෙල් ඩයස් පැවසීය. විත්තිකරුවන් මැරඩෝනාගේ මරණය වැළැක්විය හැකි ‘කිසිම ගැලවීමේ ක්‍රියාමාර්ගයක්’ ගෙන නැත විනිසුරු ඩයස් පැවසීය.
විත්තිකරුවන් යහපත් වෛද්‍ය පරිචයක් අනුව ක්‍රියා කිරීමට අපොහොසත් වීම, විනිසුරු ඩයස්ට අනුව, ආර්ජන්ටිනාවේ නීති සංග්‍රහයේ 79 වැනි වගන්තිය යටතේ වසර අටේ සිට වසර 25 දක්වා සිර දඬුවම් ලැබිය හැකි වරදකි.