ඉල්ලා අස්වීමට බලකරන ඡන්දයෙන් කථානායක නූලෙන් බේරෙයි

පාර්ලිමේන්තුවේ කථානායක ග්‍රෙග් ෆර්ගස් සිය ධුරයෙන් ඉවත් කිරීම සඳහා කොන්සර්වේටිව් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද ඡන්දයකින් බේරී තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය සහ එහි ස්වාධීන ආයතනවල කටයුතු වලට බාදා පමුණුවන බවට කොන්සර්වේටිව් පක්ෂය කථානායකවරයාට චෝදනා කල අතර ඔහු එන්ඩීපී ලිබරල්වාදීන්ට පක්ෂපාතිව කටයුතු කිරීම හේතුවෙන් ෆර්ගස් නෙරපා හැරීමට ගත් උත්සාහය ඡන්ද 142-168 කින් පරාඡයට පත්වුණා.

මාස අටකට අඩු කාලයකදී කොන්සර්වේටිව් පක්ෂය ඔහුට ධුරයෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටි තුන්වන අවස්ථාව මෙයයි.

ඔවුන් අවධාරනය කරන්නේ  අගමැතිව “wacko” ලෙස හැඳින්වීමෙන් පසු තම නායක  Poilievre සභාවෙන් නෙරපා හැරීමට කථානායකවරයා පසුගියදා තීරණය කල බවයි.

මැනිටෝබා කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේම්ස් බෙසාන් පසුගිදා  පැවසුවේ කථානායකවරයාට සභාවේ හොඳ හිත සහ විශ්වාසය නැති වී ඇති බවයි.

.

වෙබ් අඩවියක ආරාධනා පත්‍රය පලකිරීමේ සිදුවීමනක් සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක සිදුවීමෙන් පසු කථානායක කාර්යාලය විසින් උත්සවය සඳහා මුල් තොරතුරුවල පිටපතක් ලබා දුන් අතර, එහි කිසිදු පක්ෂග්‍රාහී භාෂාවක් ඇතුළත් නොවුනු බව ප්‍රකාශ කෙරිණි.

නව ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ බල කිරීමෙන්  පසුව ලිබරල් පක්ෂය ෆර්ගස්ගෙන් එම තනතුර සම්බන්ධයෙන් සමාව අයැද සිටියා. .

ඡන්ද විමසීමට අදාලව ආණ්ඩු පක්ෂ නායක ස්ටීවන් මැකිනන් පැවසුවේ විපක්ෂයේ ඡන්දය, රජයේ වැඩ ප්‍රමාද කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන කෙරෙහි අවිශ්වාසයක් ඇති කිරීමට බවයී.

“ඔවුන් කිරීමට උත්සාහ කරන්නේ අවුල් ඇති කිරීම සහ අවුල් ඇති කිරීම” යැයි මැකිනන් පසුගියදා සභාවේදී ප්‍රකාශ කලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *