ICC T20 ලෝක කුසලානයට කැනඩාව හොද සූදානමකින් – පලමු තරගය  එක්සත් ජනපදය සමග.

ICC T20 ලෝක කුසලානයට කැනඩාව හොද සූදානමකින්පසුවන බව පුහුණුකරු පුබුදු දසනායක පවසනවා.   ක්‍රීඩාවේ දැවැන්තයින් කිහිප දෙනෙකුට එරෙහිව විශ්මයට පත්කිරීමේ අපේක්ෂාවෙන්,කැනඩා ක්‍රීඩකයන්” විශිෂ්ටය මනෝභාවයකින්” පසුවන බව පුහුණුකරු පුබුදු දසනායක වැඩිදුරටත් ප්‍රකාශකලා..

“සෑම ක්‍රීඩකයෙකුගේම සිහිනය ලෝක කුසලානයට පැමිණීමයි. ඒ නිසා ක්‍රීඩා කරන කණ්ඩායම තුළ විශාල උද්යෝගයක් තිබෙනවා. ඒ වගේම මම හිතන්නේ අපි හැමෝම මේ විශාල ඉසව්ව දිහා බලාගෙන ඉන්නවා.”

මෙම තරඟාවලිය කැනේඩියානු කණ්ඩායම කෙරෙහි අවධානය යොමු කරන අතර නව පරම්පරාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් නැවත මව්බිමට ගෙන එනු ඇතැයි නායක සාද් බින් සෆාර් බලාපොරොත්තු වේ යනුවෙන් කියාසිටියා.

ලෝක ශ්‍රේණිගත කිරීම් වල 23 වැනි ස්ථානයේ පසුවන කැනේඩියානු කණ්ඩායම ශ්‍රේණිගත කිරීම් වල  අංක 1 ඉන්දියාව, අංක 6 පාකිස්තානය, අංක 11 අයර්ලන්තය සහ 18 වැනි ස්ථානයේ සිටින එක්සත් ඡනපදය සමග තරග වැදීමට නියමිතයි.

ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඇමරිකානුවන් සමඟ ක්‍රීඩා කිරීමෙන් පසු, කැනඩාව ජුනි 7 වැනිදා අයර්ලන්තයට සහ ජුනි 11 වැනිදා පකිස්තානයට එරෙහිව නිව් යෝර්ක්හිදීත්, ජූනි 15 වැනිදා ඉන්දියාවට ෆ්ලා හි ලෝඩර්හිල්හිදීත් මුහුණ දීමට නියමිතයි..

කැනඩාව එක්සත් ජනපදයට සහ අයර්ලන්තයට එරෙහිව ඡයග්‍රහන අපේක්ෂාවෙන් පසුවේ. ක්‍රිකට් බලවතුන් වන පකිස්තානය සහ ඉන්දියාව සමඟ හොද තරගයක් ලබාදීම සදහා වෙහෙසෙන බව කැනඩාව පවසනවා.

කැනේඩියානුවන් 2023 අප්‍රේල් මාසයේදී නැමීබියාවේ පැවති ICC ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයේදී සිව්වැනි ස්ථානයට පත්වීමෙන් දශකයකට ආසන්න කාලයකදී ප්‍රථම වතාවට ඔවුන්ගේ එක්දින ජාත්‍යන්තර තත්ත්වය නැවත ලබා ගැනීම විශේෂත්වයක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *