කිංග්ස්ටන් උතුරින් පිහිටි බොබ්ස් ලේක් ප්රදේශයේදී පසුගිය සෙනසුරාදා රාත්රියේ වේග යාත්රාවක් සහ ධීවර බෝට්ටුවක් එකිනෙක ගැටීමෙන් තිදෙනෙකු මිය ගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇත.
ඔන්ටාරියෝ ප්රාන්ත පොලිසිය පවසන්නේ රාත්රී 9.30 ට පමණ වැවේ බක්ස් බේ ප්රදේශයේදි මෙම අනතුර සිදුව ඇති බවයි..ඔවුන් පවසන්නේ අනතුරින් 21 හැවිරිදි සහ 22 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු සහ 23 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි.තුවාල ලබු වයස අවුරුදු 21 ත් 44 ත් අතර පස් දෙනෙකු ප්රාදේශීය රෝහලකට ඇතුලත් කෙරැණා.
අනතුරට ලක්වු එක් බෝට්ටුවක් විවෘත දුනු ධීවර බෝට්ටුවක් ලෙසත් අනෙක වේග බෝට්ටුවක් ලෙසත් පොලිසිය හදුනාගෙන තිබුණා.