කැනේඩියානු අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය Toronto—St. Paul’s සදහා ජූනි 24 දා අතුරු මැතිවරණයක් පැවැත්වෙන බවයි.ඒ Toronto—St. Paul’s දිගුකාලීන ලිබරල් කැබිනට් ඇමතිනියක ලෙස කටයුතු කල කැරොලින් බෙනට් විශ්‍රාම යාවමෙන් පුරප්පාඩු වූ අසුන පිරවීම සඳහායි.
වසර 10කට වැඩි කාලයක් කැබිනට් මණ්ඩලයේ ඇතුළුව පාර්ලිමේන්තුවේ වසර 26 ක සේවා කාලයකට පසු ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස විශ්‍රාම ගන්නා බව දෙසැම්බර් මාසයේදී නිවේදනය කළාය.එතැන් සිට ඇය ඩෙන්මාර්කයේ කැනඩාවේ තානාපතිනිය ලෙස නම් කර ඇත.Toronto-St. Paul’s , මැතිවරණයේදි බොහෝ විට ආණ්ඩු පක්යට ඡන්දය වාසිදායක, නමුත් බෙනට් එය ආරක්ෂිත ලිබරල් ආසනයක් බවට පත් කර ගැනීමට සමත් විය.
ලිබරල්වාදීන් බෙනට් වෙනුවට දිගුකාලීන ලිබරල් සේවකයෙකු වන Leslie Church ඔවුන්ගේ අපේක්ෂකයා ලෙස නම් කර ඇත.කැනඩාවේ කොන්සර්වේටිව් පක්ෂය මූල්‍ය වෘත්තිකයෙකු වන Don Stewart නම් කර ඇති අතර, ලාභ නොලබන ආයතනයක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන Amrit Parhar නව ප්‍රඡාතන්ත්‍රවාදී පක්ෂ (New Democratic Party) අපේක්ෂකයා ලෙස තරඟ කරනු ඇති.