ටොරොන්ටෝහි පුද්ගලයෙකු  වංචා මාලාවකින් ඩොලර් ලක්ෂ 40කට ආසන්න මුදලක් සොරකම් කළ බවට චෝදනා.

ටොරොන්ටෝ ප්‍රදේශය පුරා ප්‍රතිසංස්කරණ වංචාවන් මාලාවකින් ඩොලර් 40,000 කට ආසන්න මුදලක් සොරකම් කළ බව කියන 20 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේනවා.පීල් ප්‍රාදේශීය පොලිසියේ විමර්ශකයින්ට අනුව, මෙම සැකකරු 2023 දී ප්‍රතිසංස්කරණ කොන්ත්‍රාත්තු තුනක් අත්සන් කර ඩොලර් 37,000 ක තැන්පතු එකතුකර තිබුණා.

“සෑම අවස්ථාවකදීම, සැකකරු සේවාවක් ලබා දීමට පොරොන්දු වෙමින්, ගිවිසුම් අත්සන් කර, තැන්පතුවක් එකතු කර, එම සේවාව ලබා දීමට හෝ තැන්පතු ආපසු ලබා දීමට අපොහොසත් විය,” යනුවෙන් පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වුණා.

විත්තිකරු ඉදිරි දිනකදී බ්‍රැම්ප්ටන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහුට එරෙහි චෝදනා මෙතෙක් විභාග කර අවසන් නැහැ.

මෙහිදි, විමර්ශකයින් කියා සිටියේ වංචාවට අදාලව අමතර වින්දිතයින් සිටිය හැකි බැවින් ඹවුන් පිළිබද, තොරතුරු ඇති ඕනෑම අයෙකුට (905) 453–2121,  අංකයෙන් තමන් හා සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *