බටහිර කැනඩාවේ ලැව්ගිනි සමය සම්පූර්ණයෙන් පැමිණ ඇති අතර, පාලනය කළ නොහැකි ලැව් ගිනි ඇතිවීමේ අවදානම හේතුවෙන් British Columbia’s සහ අසල්වැසි Alberta හි නගර කිහිපයක ඡනතාව ඉවත් කිරීමේ නියෝග සහ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.
British Columbia’s පරිපාලනයේ නවතම ලැව්ගිනි තත්ව වාර්තාවට අනුව, සිකුරාදා සිට පලාතේ ඉවත් කිරීමේ නියෝග හතක් සහ අනතුරු ඇඟවීම් නිවේදන පහක් නිකුත් කර තිබුණා..ඒ අනුව, නිවැසියන් 4,700 ක් පමණ ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කිරීමට පියවර ගැනුනා.
British Columbia’s හි හදිසි කළමනාකරණ අමාත්‍ය Bowninn Ma සඳුදා අනතුරු ඇඟවමින් කියා සිටියේ, සක්‍රීය ලැව්ගිනි 130 ක් ඇවිලෙමින් පවතින අතර, ඉන් 14ක් පාලනය කළ නොහැකි වූ බවයි., “තත්වය වේගයෙන් වර්ධනය වෙමින් පවතී”.යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් පලකලා.
කැනඩාවේ 2023 ලැව්ගිනි සමය වාර්තාගත දරුණුතම ලැව්ගිනි සමය වූ අතර, බටහිර වෙරළේ සිට අත්ලාන්තික් ප්‍රාන්ත සහ ඈත උතුරේ සිට අක්කර මිලියන 46 කට ආසන්න ප්‍රමාණයක් ලැව්ගිනි 6,551 ක් වාර්තාවි තිබුණා. කැනඩාව සහ එක්සත් ජනපදය යන දෙරටේම පරිසරයට, විශේෂයෙන් වාතයේ ගුණාත්මක භාවයට ඇති බලපෑම ගැඹුරු වි ඇති බවයි වාර්තා වන්නේ. පුරෝකථනය කළ පරිදි, 2024 තවත් විනාශකාරී ලැව්ගිනි සමයක් ලෙස හැඩගැසෙමින් පවතින අතර, ආපදා සහ දේශගුණ විශේෂඥයින්ට ඒ මන්දැයි මේ දක්වා අදහසක් ප්‍රකාශ කිරීමට හැකිව නැහැ.
විද්‍යාඥයන් පවසන්නේ මෙම ගිනිදැල්, ඇතැම් විට zombie fires ලෙස හඳුන්වනු ලබන අතර, එය දේශගුණික විපර්යාසවල බලපෑම පිළිබඳ දැඩි සිහිගැන්වීමක් බවයි.