බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සදහා පෞද්ගලික ආයෝජකයකු ඉදිරිපත් වී ඇතැයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පවසයි.එහි පෞරාණික බව රැකගනිමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.බෝගම්බර බන්ධනාගාරය සංවර්ධන කටයුතු සදහා නාගරික සංවර්ධන අධිකාරියට පවරන ලද්දේ වර්ෂ 2014 දීයි.එම අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන විසල් මහනුවර සංවර්ධන සැලැස්ම හා මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ එය ප්‍රතිසංවර්ධන කටයුතු ක්‍රියාත්මක කෙරෙන බවද ඇමතිවරයා කීය. යටත් විජිත ගෘහ නිර්මාණ ශිල්පය රැකගනිමින් බන්ධනාගාරයේ ප්‍රධාන ගොඩනැගිල්ල සංරක්ෂණය හා සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.විවෘත හා විනෝදාත්මක පහසුකම් සහිත පරිශ්‍රය සාමාන්‍ය ජනතාව සදහා විවෘත කිරීමත් සමගින් එහි ආර්ථික වටිනාකම ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ අරමුණු බව නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්යක්ෂ ඊ.එම්.එස්.බී ඒකනායක මහතා පවසයි.බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය ෂොපින් මෝල්, ෆුඩ් කෝට්, කෞතුකාගාරය සහ සංචාරක හෝටලය ඇතුළත් වාණිජ ගොඩනැගිල්ලක් ලෙස සංවර්ධනය කිරීමට යෝජිතය
Related Posts
ඇසළ පෙරහර මංගල්‍ය අගෝස්තු 05 ඇරඹේ – ආසන වැඩි මිලට විකුණන ජාවාරමක්
මෙවර ඇසළ පෙරහර මංගල්‍ය ලබන අගෝස්තු 05 වනදා සිදුකරන සිව්මහා දේවාලවල කප් සිටුවීමේ මංගල්‍යයෙන් ආරම්භ කරන බව දළදා මාලිගාවේ දියවඩන…
ගංවතුරෙන් යට වුණු නිවාස පිරිසිදු කරන්න රජයෙන් 10,000ක්
ගංවතුරෙන් පීඩාවට පත් පවුල්වලට නිවාස පිරිසිදු කරගැනීම සඳහා රුපියල් 10,000 බැගින් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්…
දැඩි ලෙස ණයගැති රටවල්’ ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව අයින් කරන්න IMF සූදානම් වේ.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) නවතම ණය දීමේ ප්‍රතිසංස්කරණ මේ වසරේ නොවැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වූ පසු, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ…