සෙනසුරාදා පස්වරුවේ කැලිඩන්හිදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුවුණා.එම අනතුරින් තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු රෝහලට රැගෙන ගොස් තිබුණේ ගුවනින්.
ඔන්ටාරියෝ ප්‍රාන්ත පොලිසිය පැවසුවේ හම්බර් ස්ටේෂන් පාරේදී සවස 5.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.ඔර්න්ජ් ගුවන් ගිලන් රථයට අනුව, වයස අවුරුදු 20 ක පමණ කාන්තාවක් බරපතල තුවාල සහිතව ටොරොන්ටෝහි රෝහලක් වෙත රැගෙන ගොස් තිබුණා.