අගමැති ජස්ටින් ටෲඩෝගේ ඩොලර් බිලියන 200ක දේශගුණික විපර්යාස සැලැස්මේ ඵලදායිතාව ඇගයීමේ ප්‍රධාන ගැටලුවකට මුහුණ දී ඇත.ඊට හේතුවී ඇත්තේ රජය විසින් කැනඩාවේ වාර්ෂික කාර්මික හරිතාගාර වායු විමෝචනය පිළිබඳ ඓතිහාසික වාර්තාව ප්‍රතික්‍රියාශීලී ලෙස වෙනස් කරමින් සිටීමයි.
රජය පවසන්නේ කැනඩාවේ සෑම වසරකම විමෝචනය පිළිබඳ ඓතිහාසික වාර්තාව ප්‍රතික්‍රියාශීලීව වෙනස් කිරීමට හේතු වී ඇත්තේ අතීතයේ මෙන්ම වර්තමානයේද ඒවා මැනීමේ වැඩිදියුණු කළ ක්‍රම නිසා බවයි.
නමුත් එය රජයේ දේශගුණික ඉලක්ක සම්බන්ධයෙන් නිරන්තරයෙන් චලනය වන ඉලක්කයක් ඇති කරන තත්වයකි.මෙහිදී වසරක විමෝචන වාර්තා කිරීම ඊළඟ වසරට සංසන්දනය කිරීම දුෂ්කර වී ඇත.ඊට හේතුවී ඇත්තේ දශක ගණනාවකට පෙරාතුව ලබා දුන් නව සංඛ්‍යා සමූහයක් ප්‍රතිස්ථාපනය කිරීමයි.
Trudeau ගේ ආන්ඩුව පසුගිය සතියේ වාර්තා කළේ කැනඩාවේ විමෝචනය 2022 දී ටොන් මිලියන 708 ක් වූ බවයි. විමෝචනය වාර්තා වන්නේ වසර දෙකකට පසුව වන අතර, එය 2021 දී ටොන් මිලියන 698 ක් සහ 2020 දී ටොන් මිලියන 686 ක් ලෙස වාර්ථාවී තිබිණි.