1886 මැයි 01 වැනිදා ඇමෙරිකාවේ චිකාගෝ නුවර මෝටර් රථ නිෂ්පාදනයේ යෙදුණු කම්කරුවන් පැය 08ක වැඩ දිනයක් ඉල්ලා සිදුකළ වැඩ වර්ජනයේදී කම්කරුවන් හතර දෙනෙකු ඝාතනයවී පිරිසක් තුවාල ලැබීමෙන් පසු ආරම්භවූ ජාත්‍යන්තර කම්කරු දින සැමරුම මැයි පලමුවැනිදාට යෙදී තිබුණා.
134 වැනි වරට මෙවර පැවති කම්කරු සැමරුම් උත්සවයන් උත්කර්ෂවත්ව හා අභිමානවත්ව සැමරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ වැඩ කරන ජනතාව කටයුතු කලා. කොළඹදි ප්‍රධාන රැලි 10ක් පැවති අතර මැයි දින පෙළපාළි සහ රැලි 40ක් දිවයින පුරා සංවිධානය කර තිබුණා. ලෝක කම්කරු දිනය සමරමින් ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ මෙවර මැයි දිනය උත්කර්ෂවත් අයුරින් පැවැත්වනු ලැබුවා.
කොළඹ ප්‍රදේශයේ පැවැත්වෙන මැයි දින සැමරුම් සඳහා ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 10,000 දෙනා යොදවා තිබූ අතර රථවාහන රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 1300 දෙනකු යොදවූ බව පොලීසිය කියා සිටියා.
එක්සත් ජාතික පක්ෂය සිය මැයි රැලිය කොළඹ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය ඉදිරිපිට එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාෂ කලා..
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොදුජන පෙරමුණ කැම්බල් ක්‍රීඩාංගණයේදී ද, සමගි ජනබලවේගය එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පහළ චැතැම් වීදියේද, සිය මැයි රැලි පැවැත්වූවා.. ජාතික ජනබලවේගය කොළඹ හැව්ලොක් පාර තුම්මුල්ල සිට පෙළපාළියකින් පැමිණ එහි නායක අනුර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් කන්නන්ගර මාවතේ උපාලි හෝටලය ඉදිරිපිටදී ඔවුන්ගේ කොළඹ රැලිය පැවැත්වුවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය වයිට් පාර්ක් පිටිය අසලින් පෙළපාළිය ආරම්භ කර හයිඩ්පාර්ක් ක්‍රීඩාංගණයේදී සිය රැලිය පවැත්වූවා.
නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමය හා ලංකා වෙළෙඳ කාර්මික පොදු සේවක සංගමය ලිබර්ටි වටරවුමෙන් පෙළපාළිය ආරම්භ කර විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී ද ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ශාලිකා පිටියේ සිට පෙළපාළියෙන් පැමිණ කිරුළපන ලලිත් ඇතුලත් මුදලි ක්‍රීඩාංගණයේදී මැයි රැලි පවැත්වූවා .
කොළඹට අමතරව ජාතික ජන බලවේගය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී ද, යාපනය කන්දයිවෙල්මා ශ්‍රවණාගාරයේදීද, මාතර වෙරළබඩ උද්‍යානයේද මැයි දින උත්සව පවත්වනු ලැබුවා. ප්රජාතන්ත්රවාදී තමිල් ජාතික සංවිධානය සිය මැයි රැලිය පැවැත්වූයේ යාපනය මනිපායි ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේදීයි.
ලංකා කම්කරු කොංග්‍රසය නුවරඑළිය කොටගල නගර සභා ක්‍රීඩාංගණයේදී සිය මැයි රැලිය පවත්වනු ලැබුවා..
ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ කොටගල පැවැත්වෙන උත්සවයට සහ කොළඹ මාලිගාවත්ත උත්සවයට සහභාගි වුණා.
ජාතික කම්කරු සංගමයේ සහ පෙරමුණේ මැයි දින පෙළපාළිය සහ රැලිය තලවකැලේ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වුනේ විපක්ෂ නායක සඡිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රදානත්වයෙන්..
ඊට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාද සහභාගිවුනා. උත්තර ලංකා සභාගයේ එක්සත් මැයි රැලිය පැවැත්වුනේ කිරුළපන ලලිත් ඇතුළත්මුදලි ක්‍රීඩාපිටියේදීයි. ඊට විමල් වීරවංශ, උදය ගම්මන්පිල, අතුරලියේ රතන හිමි, ගෙවිඳු කුමාරතුංග ඇතුළු පක්ෂ නායකයෝ පිරිසක් එක්ව සිටියා.