87 වැනි මිනිත්තුවේ ඩේවිඩ්ගේ ගෝලය කැනඩාවට ජයගෙනේ.

ශාරීරික විරුද්ධවාදියෙකුට එරෙහිව දැඩි කොන්දේසි යටතේ, කැනඩාව අඟහරුවාදා ජයග්රහණයක් වාර්ථා කිරීමට සමත් විය.

කැනඩාවේ ඉදිරිපෙළ ක්‍රීඩක ජොනතන් ඩේවිඩ් 87 වැනි මිනිත්තුවේ එල්ල කර පහර හේතුවෙන් පැනමාවට එරෙහිව ගෝල 2-1 ක විශිෂ්ට ජයක් කැනඩාවට හිමි විය. Liam Millar ගේ පන්දු පිරිනැමීම හමුවේ ගෝලය වාර්ථා කලේ BMO Field හි රැස්ව සිටි 23,315 ක ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේදීයි.එය ඔහුගේ 30 වැනි වෘත්තීය ගෝලය වනවා. ඩේවිඩ්ගේ පහර  පැනමා ගෝල් රකින්නා වන Orlando Mosqueraට වලක්වා ගැනිමට හැකිවුනේ නැහැ.

ශ්‍රේණි ගත කිරීම්වල 38 වැනි ස්ථානයේ පසුවන කැනේඩියානුවන් පළමු අර්ධයේ ආධිපත්‍යය දැරූ නමුත් දෙවන භාගයේදී ශ්‍රේණි ගත කිරීම්වල 37 වැනි ස්ථානයේ පසුවන පැනමාව සමඟ ප්‍රබල තරගයකට මුහුණ දිමට සිදුවිය.“ක්‍රීඩාව එතරම් පහසු නොවූ විට අපි අභියෝගයට මුහුණ දුන් බව දැකීම සතුටක්,” කැනඩාවේ පුහුණුකරු ජෙසී මාෂ් තරගයෙන් අනතුරුව පැවසීය.

“අපි ඔරොත්තු දෙනවා. අපි ලේසියෙන් අත්හරින්නේ නැහැ,” කැනඩා නායක ඇල්ෆොන්සෝ ඩේවිස් එහිදී වැඩිදුරටත් පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *