මුහුණු පොතේ කවි අතරින්

වද විඳින රීකන්ඩිෂන් හදවත!!!

පාන්දර හතරේ කනිසමට අවදිව

ලහි ලහියේ නිවැසි සැමගේ

කෑම වේල පිසින..

කකුල් වල රෝද සවි කරගෙන වගේ

ඇහිල්ලට එහා මෙහා යමින්

එකවර වැඩ දහසක් කරන.

සිතින් දවස ප්ලෑන් කරමින්

බත් උයන බත් බඳින

රෙදි මදින අන්දවන…

අවසානයේ

අංගාර උලා ශෘංගාරය මතුකර

වහගන්න වේදනාවේ කෝමල රේඛා

පැළඳගෙන අන් අයගේ ප්‍රියතම වෙස් මුහුණ

ආඩම්බරෙන් කාර්යාලයට පිවිසෙන

රණ මොණර හදවත…

උදේට යහපත් සිතිවිල්ලක්

රැඩිකල් කවි සංකල්පනාවක්

ලිබරල් මතවාදයක් සමගම

නැතිනම් හිනාවක් දෙකක්…

මුහුණු පොතේ අලවා

හිතින් පමණක් ඉන්ඩිපෙන්ඩන් වන

අවශ්‍ය වෙලාවට තැනේ හැටියට සෙන්ටිමෙන්ටල් වචන විසිකරන…

ලගින් හිටි උන් දුරස් තරම මෙනෙහිව

හීල්ලෙන පපුවට හුස්මක් පිඹින..

තමන්ගේ ආලයේ තරමට

සෙනෙහසක් නොලබන බව දැනී

ආත්මය සුනු විසුනු වෙද්දී

දහසක් ඔන්ලයින් මිතුරුකම් මැද

හිත දිගාරින්න කිසිවෙකුත් නැතිවත්

සැහැල්ලුවෙන් සිනා සලමින්

යටි හිතින් නොකඩවා හඬන…

එඩිතර කතා, හුරතල් ලතා

හැමටම වඩා ඒ වෙනසත් නරකද?

තේ විවේකයේ තොල ගාමින් කහට කෝප්පය

බැරිස්ටා කොෆී රස මුසුව ඉව කරන

යුනික් බතික්, ගිගී ෂූස්

ස්පා සිලෝන් මිහිරක එතී

හිත නතර වෙද්දී කෙලී ෆෙල්ඩර් ආයිත්තමක…

දුම්රියේ බස්රියේ

තවකෙකුගේ ග්‍රහණයට මැදිව

අසරණව දත් කමින් යන එන

දවසක් අවසානයේ

හන්දිපත් රුදා සමගින්

සුපුරුදු විය ගහේ බැඳෙන..

හිස හොවා හිත නිදහස් කරගන්නට

එකමෙක උරහිසක් හෝ නැති බව දැනී

ස්වයංක්‍රීයව ඇරෙන වික්ටෝරියා සොරොව්

හොට් වෝටර් නැති ෂවර් යට මුදාහැර…

කම්ෆටබල් සෝන් නොමැති

මෙට්ටය මත වැතිර

ෆැන්ටසිය නොව රියැලිටිය හැඳින

දැන් වත් ඉකි බිඳ හඬනු මැන මියුලැස,

මොහොතකට ලිහිල් කර ගනු වස්

වද විඳින රීකන්ඩිෂන් හදවත!!!

රේණුකා ඉලංගකෝන්

https://www.facebook.com/renuka.illangakoon

තවම ඔබ ඇත මතකයේ

May be an image of 2 people, people smiling and train

උදුවපේ දහ හතර වන දින

අසූ පස් වන වරුසයේ

දියතලාවෙහි ගුවන් පාසැලෙ

පුහුණුවට අවි සරඹයේ

නුහුරු පෙදෙසක යන්න සිදුවිය

බදුලු දුම්‍ රිය මැදිරියේ

තවම මතකයි අහඹු ලෙස

නුඹ හමුවුනා මට ළබැදියේ

මෙමා විදිනා සිවිල් දිවියේ

අවසාන පැය කිහිපයේ

එදා ලැබූ ඒ නැවුම් ඇසුරේ

සුවද තව ඇත මතකයේ

ඔයා සමගින් සොහොයුරී සහ

ඇගේ සහකරු පැමිනියේ

උනා කුළුපග මස්සිනා ඔබෙ

ගමන විසිතුරු දුම් රියේ

කඩල කෑවෙමි වඩේ සැපුවෙමි

එකතු වී එම වංගියේ

ලිපිනෙ නැතිවුනි මෙමා හිරවුනි

පුහුණුවේ සැර අවදියේ

හදට ලංවුනි එහෙත් නොලැබුණි

මක් කරන්නද නොදනියේ

සොදුරු මතකයෙ සුවද සිහිවෙයි

ඔයා කොහි වෙද කුමරියේ

හදෙහි ඇමුනුණ හීන ඇහිදින

ජිවිතේ අද මැදිවියේ

සිතට කොදුරන දිනෙක සෙනෙහස

ඉපිය ලෙස උඩ එළඹියේ

නොමැත කිසි දොස ඔහොම ආදර

කතා මගෙ ලග බොහො තියේ

කොතන හෝ සිට කියොව්වොත් මෙය

එයත් ඇති ප්‍රිය සොඳුරියේ

මහින්ද රුද්‍රිගු

https://www.facebook.com/mahinda.rodrigo1

https://www.facebook.com/indra.liyanage.754

ගැහැණු ආසම…..

ජීවිතේ කොල එකින් එක බිම වැටී වියළී යන විට

ගැහැණු ආසම හිත නිවෙන්නට පිරිමියෙකුගේ උරහිස

එහෙම ඉද්දී හොරෙන් රිංගා බලාපන් උගෙ යටි හිත

හඬනවානම් කඳුලු තිබුණා උඹලටත් වැඩියෙන් තෙත…..

ජීවිතේ නෙක සුවඳ විහිදා මල් පිපෙද්දී ඉඳහිට

ගැහැණු ආසම වැතිර ඉන්නට පිරිමියෙකුගේ පපුවක

එහෙව් පපුවක හිස තියාගෙන විඳිනවානම් දවසක

අතට හසුවන ආදරේ නම් නොවේ අඩු එහි වැඩි මිස…..

ජීවිතේ ඵල දරා ඉවසා කොයි තරම් වුව රිදුමක

ගැහැණු ආසම ළඟ රැදෙන්නට පිරිමියෙකුගේ සුසුමක

ඔය කියන ටික කියන විදිහට වුණා නම් පෙර කළ සිට

මනමෙ කුමරිය කඩුව දෙනවා එදත් මනමේ කුමරුට…..

රුවන් ජයරත්න

https://www.facebook.com/ruwan.jayatathe

#ඒත්?😔

ඉදිරියට ම යන පාර

හොඳට ම පේන්නෙ

ඉස්සරහම පේලියේ වාඩිවුණාම…

පන්තියෙ මුලු හතර ම

ලස්සනට දකින්න පුලුවන්

පිටිපස්සෙ ම පේලියේ වාඩිවුණාම…

ඒත්

ගුරුවරු හුඟ දෙනෙක්

බනිනව අපි පහුවුණාම..

මං ආස මුලු හතර ම දකින්න

ඒ නිසා වෙන්නම් පිටිපස්සෙ කෙනා ම…

✍️ පසිඳු විජේනායක

https://www.facebook.com/profile.php?id=100070528716658

Leave a Reply

Your email address will not be published. Required fields are marked *