Marco Arop ග්‍රෑන්ඩ් ස්ලෑම් ධාවන තරග සදහා ගිවිසුම් අත්සන් තබයි.

පසුගිය අගෝස්තු මාසයේදී ඔලිම්පික් රිදී පදක්කම දිනාගත් මාර්කෝ ආරොප්, Marco Arop 2025 දී වෘත්තීය ලීගයේ සමාරම්භක වාරයට පෙර ග්‍රෑන්ඩ් ස්ලෑම් ධාවන පථයට එක් වූ පළමු කැනේඩියානු ජාතිකයා බවට පත්විය.ඊට අදාලව ගිවිසුම අත්සන් කිරීම අඟහරුවාදා සිදුකෙරිනි.

මෙම ලීගය විශ්‍රාමික එක්සත් ජනපද කෙටි දුර ධාවන ක්‍රීඩක මයිකල් ජොන්සන්ගේ සංකල්පයක් වන අතර ලබන අප්‍රේල් මාසයේදී 2028 ඔලිම්පික් උළෙලේ නිවහන වන ලොස් ඇන්ජලීස් හි එක් ඉසව්වක්ද, තවත් ඇමරිකානු නගරයක තවත් තරගයක් සහ තවත් තරග දෙකක් වෙනත් රටවලදී පැවැත්වීමට  සැලසුම් කර ඇත.

පළමු වාරයේ දී ඩොලර් මිලියන 12.6 ක ත්‍යාග මුදලකට තරඟ කිරීමට ක්‍රීඩාවේ ඉහළම දස්කම් දක්වන ක්‍රීඩකයින් 100 කට  අවස්ථාව හිමිවනු ඇත.. ජූනි මාසය වන විට Grand Slam Track ඩොලර් මිලියන 30 කට අධික මූල්‍ය කැපවීමක් ලබාගෙන ඇත.

26 හැවිරිදි අරොප්, පසුගිය ගිම්හානයේදී පැරිසියේදී මීටර් 1,500 රන් පදක්කම් දිනූ කෝල් හොකී සහ එම ඔලිම්පික් අවසන් තරගයේ රිදී සහ ලෝකඩ පදක්කම් ලාභීන් වන මහා බ්‍රිතාන්‍යයේ ජෝෂ් කර් සහ යාරෙඩ් ඇතුළත් වන ලීගයේ කෙටි දුර ධාවන කණ්ඩායමට සම්බන්ධ වූ පළමු කැනේඩියානු මීටර් 800 ක්‍රීඩකයා වේ. පසුගිය ගිම්හානයේදී පැරිසියේ පැවති ඔලිම්පික් පිරිමි මීටර් 800 අවසන් තරගයේදී රිදී පදක්කම දිනා ගැනීමට සහ  මීටර් 1,500 ධාවන ඉසව්ව මිනිත්තු තුනයි තත්පර 38.36 ක පුද්ගලික හොඳම දක්ෂතාව දැක්වීමට මාර්කෝ ආරොප්ට Marco Arop ට හැකිවිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *