එක්සත් ජනපද මත්ද්‍රව්‍ය නඩුවකට කැනේඩියානු හිටපු ඔලිම්පික් ක්‍රීඩකයෙකු සොයයි.

කැනඩාවේ හිටපු ඔලිම්පික් snowboarder ක්‍රීඩකයෙකුට ඇමරිකාව හරහා කොකේන් විශාල ප්‍රමාණයක් නැව්ගත කර පුද්ගලයින් සිව් දෙනෙකු මරා දැමූ මත්ද්‍රව්‍ය ජාවාරම් වළල්ලක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව බලධාරීහු පසුගියදා ප්‍රකාශ කළහ.

මෙක්සිකෝවේ ජීවත් වූ සහ පලාගිය අයෙකු ලෙස සැලකෙන කැනේඩියානු පුරවැසියෙකු වන රයන් ජේම්ස් වෙඩින්Ryan James Wedding අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට තුඩු දෙන තොරතුරු සඳහා FBI ඩොලර් 50,000 ත්‍යාගයක් පිරිනැමීමටයි බලධාරීන් තීරනයකර ඇත්තේ.. 43 හැවිරිදි ඔහුට අපරාධ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම, මිනීමැරීම, කොකේන් බෙදා හැරීමට කුමන්ත්‍රණය කිරීම සහ වෙනත් අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජනපදය තුල චෝදනා එල්ල වී ඇති බව එක්සත් ජනපද නඩු පවරන්නන් පැවසීය.

එක්සත් ජනපද බලධාරීන් පැවසුවේ වෙඩින්ගේ කණ්ඩායම කොලොම්බියාවේ සිට මෙක්සිකෝව සහ කැලිෆෝනියා හරහා කැනඩාව සහ එක්සත් ජනපදයේ අනෙකුත් ස්ථාන වෙත දිගු දුර ට්‍රක් රථ භාවිතා කරමින් විශාල කොකේන් තොග ගෙන ගිය බවයි. කැනඩාවේ වසර ගණනක් පැරණි චෝදනාවලට ද මුහුණ දෙන Wedding, වසරකට කොකේන් ටොන් 60ක් ගෙන යෑම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයන් 16 දෙනාගෙන් එක් අයෙක් වන අතර, ඔවුන්ගෙන් හතර දෙනෙකු පලාගිය අය බව ලොස් ඇන්ජලීස් හි එක්සත් ජනපද නීතිඥ මාර්ටින් එස්ට්‍රාඩා Martin Estrada පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *