කමිඳු මෙන්ඩිස් ICC ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ පියවරක් ඉදිරියට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව පිතිකරුවන් අතර එක් පියවරක් ඉදිරියට පැමිණිමට කමිදු මෙන්ඩිස් සමත්ව තිබේ.ඒ අනුව ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 09 වැනි තැනට කමිදු පත්ව ඇති අතර, වසර කිහිපයක් පළමු දස දෙනා අතර සිටි දිමුත් කරුණාරත්නට 16 වැනි ස්ථානය සහ ධනංජය ද සිල්වාට 17 වැනි ස්ථානය හිමිව ඇත.

එංගලන්තයේ ජෝ රූට් සහ නවසීලන්තයේ කේන් විලියම්සන් එහි පළමු සහ දෙවැනි ස්ථානවල පසුවෙයි.ටෙස්ට් පන්දු යවන්නන් අතර ප්‍රභාත් ජයසුරිය තවදුරටත් 06 වැනි ස්ථානයේ පසුවන්නේ ඕස්ට්‍රේලියාවේ නේතන් ලයන් හා සම වෙමිනි.ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා අභිබවා යමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කාගිසෝ රබාඩා ටෙස්ට් පන්දුයවන්නන් අතර පෙරමුණේ රැදි සිටී.එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් පැතුම් නිශ්ශංකට 07 වැනි ස්ථානය හිමිව තිබේ.

මේ අතර ලෝක ටෙස්ට් ශූරතාවලියේ වැඩිම ලකුණු සාමාන්‍යය හිමි ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් පත්ව ඇත.කමිඳු මෙන්ඩිස් වාර්තා කර ඇති ටෙස්ට් ලකුණු සාමාන්‍යය 94.30 කි.ඉන්දියාවේ යසස්වි ජයිස්වාල් 59.65ක ලකුණු සාමාන්‍යක් ලබාගනිමින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමි කරගෙන තිබේ.එම වාර්තා අතර තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ පාකිස්තානයේ සල්මන් අඝා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *