එඩ්වඩ් ජයකොඩි , චරිතා ප්‍රියදර්ශනී පීරිස් යුවල කියන්නේ ශ්‍රී ලාංකික ජන සිත් ඇදගත් ගීත රැසක් අපේ හිත්වලට සන්නිවේදනය කල යුවලක් . අපි මිමිණු , දුක සතුට බෙදාගන්නට හිත් කොනක රැන්දු ගීත අතුරින් ලස්සනම සින්දු එකතුවක් සජීවීව අහන්න ටොරොන්ටෝව අවට ඉන්නා ඔබටත් අවස්ථාවක් තියෙනවා. මේ සෙනසුරාදා ( 2024 නොවැම්බර් 2 වැනිදා ) මාර්කම් නගරයේ Flato Markham ශ්රවණාගාරයට එන්න. ටොරොන්ටෝවේ දූ දරුවන් රැසකගේ නර්තන සහ රංගන දස්කම් එක්ක ප්රසාංගික අත්දැකීමක් ලබන්න සීමිත ප්‍රවේශපත් ප්‍රමාණයක් තවමත් ඉතිරිව තිබෙනවා. මේ සුභාවිත අත්දැකීම රූපණ මාධ්‍ය ජාලයේ තවත් සාඩම්බර ඉදිරිපත් කිරීමක් .