“මගේ  කැපුවට කමක් නෑ- චන්ද්‍රිකාගෙයි මහින්දගෙයි කපන්න එපා” – රනිල් රජයට කියයි. මාළිමාවේ ඇමැතිලාටත් කොළඹින් ගෙවල් නෑ.

හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන අයට ලබාදී තිබූ වරප්‍රසාද ඉවත් කිරීමට ආණ්ඩුවට බලපෑ හේතුව කුමක්දැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කරයි.චන්ද්‍රිකාගේ සැමියා ඝාතනය කිරීමේ සිද්ධියට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ බවත්, ඇයගේ ඇසකට බෝම්බ ප්‍රහාරයකින් තුවාල සිදුවී ඇති බවත් රනිල් වික්‍රමසිංහ පෙන්වාදෙයි.

“චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මට කවදාවත් සහයෝගය දීලා නැහැ. අපි එකතුවෙලා වැඩකරලා තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දෙන්න විතරයි.”

මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ, මහින්ද රාජපක්ෂ මහතාට මහජනතාව අතර තිබූ ජනප්‍රියතාව නැතිවීම වෙනම කාරණයක් නමුත්, යුද්ධය අවසන් කළේ ඔහු බව සළකන විට ඔහුගේ ආරක්ෂාව ගැන සැළකිලිමත් වියයුතු බවයි.රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් රජයෙන් ඉල්ලා සිටින්නේ තමාගේ සියලු වරප්‍රසාද ඉවත් කර අනෙක් අයට ලබාදී ඇති වරප්‍රසාද පවතින්නට ඉඩ සලසන ලෙසයි.පාර්ලිමේන්තු ක්‍රමයට ඇඟිලි නොගසන ලෙසට රජයට අවවාද කරන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එවැනි කරුණු සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව අවධාරණය කරයි.

මේ අතර ඉදිරි පාර්ලිමේන්තුවේ සිටින අමාත්‍යවරුන්ට කොළඹ නිවාස ලබානොදෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසනවා.

“අපට අවශ්‍ය වන්නේ ජනතාව සමඟ සෘජුව සම්බන්ධ වන පාලනයක” ඔහු අවධාරණය කළේ නායකයන් දුරස්ථව සිටීම වෙනුවට ප්‍රාදේශීය ගැටලු විසඳීමට තම දිස්ත්‍රික්කවල කටයුතු කළයුතු බවයි. මාතර පැවැති ජන රැළියකට  එක්වෙමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ අමාත්‍යවරුන් කොළඹ සිට කටයුතු කරනවාට වඩා ප්‍රාදේශියව ජනතාව සමග කටයුතු කිරීම වැදගත් බවයි.

නොවැම්බර් 14 න් පසු නව කැබිනට් මණ්ඩලයක් සහ ආණ්ඩුවක් පිහිටුවීමට සැලසුම් කර ඇති අතර, බිම් මට්ටමේ ගැටළු විසඳීමට කැප වූ “ජන නායකන්” වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමුකරන බවද හෙතෙම ප්‍රකාශ කළේය. “මේ ආණ්ඩු තම වැඩකටයුතු කිරීමට ගමට යායුතු යුතු අතර, ඉදිරි වැදගත්ම කාර්යය වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල දිළිඳුකම තුරන්කිරීම යැයිද හෙතෙම වැඩිදුරටත් පැවැසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *