පලස්තීනය ඔවුන්ගේ පළමු FIFA ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ උත්සාහය, ගාසා තීරයට එරෙහිව ඊශ්‍රායලයේ යුද්ධයෙන් ඇති වූ විනාශය ජය ගැනීමට කණ්ඩායමේ ඇති අධිෂ්ඨානය අවධාරණය කරන බව පලස්තීන පාපන්දු සංගමයේ (PFA) සභාපති පවසයි.
ඊශ්‍රායලයේ දකුණු දේශසීමාවේ හමාස් ප්‍රහාරයෙන් පසුව 2023 ඔක්තෝම්බර් 7 වන දින ගාසා තීරයට එල්ල කරන ලද නවතම ඊශ්‍රායල හමුදා ප්‍රහාරයට පෙර සිටම, විදෙස් කණ්ඩායම් කිහිපයකට එරෙහිව පිටියේ සාර්ථකවීමට තම කණ්ඩායමට බාධාමතුවූ බව PFA පවසයි.
පුහුණුකරු Makram Daboub සහ ඔහුගේ සංචිතය, අවාසි අවමකරගනිමින් , 2026 එක්සත් ජනපදයේ, කැනඩාවේ සහ මෙක්සිකෝවේ පැවැත්වෙන තරඟාවලියේදී පලස්තීනය නියෝජනය කිරීමේ අවස්ථාවක් රඳවා ගෙන ඇත.
“අපගේ ව්‍යාපාරයට ඇති සීමාවන්, ඊශ්රායලයන්ගේ හුස්ම හිර කරන ප්‍රතිපත්ති සියල්ල අඩාල කර ඇත,” PFA( Palestinian Football Association) සභාපති ජිබ්රිල් රාජෝබ් මාධ්‍යය සමඟ සම්මුඛ සාකච්ඡාවකදී පැවසී
“අපි ජාතික ලීගය ඇතුළුව සෑම දෙයක්ම අත්හිටුවා ඇත, නමුත් එසේ තිබියදීත්, තරඟ සඳහා අපගේ සහභාගීත්වය දිගටම කරගෙන යාමට අපි අවධාරනය කර ඇත්තෙමු, එයට ලෝක කුසලාන සුදුසුකම් ඇතුළත් වේ.
“අපට සැබෑ ප්‍රශ්නයක් ඇත්තේ අපට ගාසා තීරයෙන් කිසිදු ක්‍රීඩක ක්‍රීඩිකාවක් ගෙන්වා ගැනීමට නොහැකි වූ නිසාත්, ඔවුන්ගෙන් දස දෙනෙකුට ජීවිත අහිමි වූ නිසාත් ය. ගාසා තීරයේ සියලුම ක්‍රීඩා පහසුකම් විනාශ වී තිබීමත්, බොහෝ සමාජ ශාලා, ක්‍රීඩාංගණ සහ සියල්ල විනාශ වී තිබීමයි ජිබ්රිල් වැඩිදුරටත් මාධ්‍යයට පවසා ඇත .
“බටහිර ඉවුරේ ඔවුන් අපේ හුස්ම හිර කරනවා, අපට කිසිවක් කළ නොහැක. නමුත් මෙය අපගේ අධිෂ්ඨානය, අපගේ කැපවීමයි.” ජිබ්රිල් අවධාරණය කරයි.