ලෝකයේ සංචාරක ගමනාන්ත පිළිබඳ ප්‍රසිද්ධ Flash Pack web අඩවිය 2025 වසර සඳහා නිකුත් කර ඇති ලෝකයේ වඩාත් ජනප්‍රිය තනි සංචාරක (Solo Travel) ගමනාන්ත අතර ප්‍රථම ස්ථානය ලෙසට ශ්‍රී ලංකාව නම් කර තිබේ.
ශ්‍රී ලංකාවටම අනන්‍ය වූ සංස්කෘතික අත්දැකීම්, සිත් ඇදගන්නා සුළු වෙරළ තීරයන් සහ දර්ශනීය තේ වතු ද මනස්කාන්ත සදාහරිත වනාන්තර සංචාරකයින්ගේ මනදොල පිනවීමට සමත්වී ඇත.
එම වෙබ් අඩවියට අනුව 2024 වර්ෂයේදී සිව්වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මේ වසරේදී වඩාත් ජනප්‍රිය තනි සංචාරක ගමනාන්තය ලෙසට නම් කර තිබේ.
තනි සංචාරක ව්‍යාපාරයේ පරිණත වෙළඳපොළක් පිළිබිඹු කරමින් Covid-19 වසංගතයෙන් පසු Flash Pack web අඩවිය සමග එක් වන තනි සංචාරකයින්ගේ සාමාන්‍ය වයස අවුරුදු 36 සිට 39 දක්වා වැඩි වී ඇති බව දත්ත පෙන්වා දෙන්නේය.
Flash Pack හි 2025 සඳහා වෙන් කර ඇති ජනප්‍රියමතම සංචාර ගමනාන්ත 10 අතර පිළිවෙලින් ශ්‍රී ලංකාව, ජපානය , ෆින්ලන්තය , බොර්නියෝ, තායිලන්තය , පිලිපීනය , කොස්ටාරිකාව , නවසීලන්තය , ජෝර්ජියාව සහ ගෝතමාලාව රැඳී සිටී.