කැනේඩියානු වොලිබෝල් ක්‍රීඩිකාවකට  මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් සිරදඩුවම්.

කැනඩාවේ කාන්තා කණ්ඩායම නියෝඡනය කරමින් ජාත්‍යන්තරව තරග වැදුණු වෘත්තීය වොලිබෝල් ක්‍රීඩිකාවක් වන Raekelle Powell පසුගිය සතියේදී එංගලන්තයට ගංජා කිලෝග්‍රෑම් 19ක් ප්‍රවාහනය කිරීමේ වරදට සිර දඬුවම් හිමිවිය.

පසුගිය සැප්තැම්බර් 20 වන දින ටොරොන්ටෝ සිට හීත්‍රෝ ගුවන් තොටුපළට පැමිණි ගුවන් යානයකින් ගංජා කිලෝග්‍රෑම් 19 ක් පිරවූ ගමන් මල්ලක් රැගෙන ආ  22 හැවිරිදි රේකෙල් පවෙල් අත්තඩංගුවට ගත් බව බ්‍රිතාන්‍ය ජාතික අපරාධ ඒජන්සිය පවසයි.

ඇයගෙන් කල ප්‍රශ්ණ කිරීම් හමුවේ ඇය පවසා ඇත්තේ ගමන් මල්ල රැගෙන යාමට ඩොලර් 300 ක් ලබා දුන් බවයි. මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම බ්‍රිතාන්‍යය පවුම් මිලියනයකට වඩා වැඩි බව ගණන් බලා තිබේ.පවෙල්  උසාවියේදී වරද පිළිගත් අතර පසුගිය සතියේ ලන්ඩනයේ අයිල්වර්ත් ක්‍රවුන් උසාවියේ දී ඇයට මාස 15ක සිර දඬුවමක් නියම විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *