ටොරොන්ටෝ නිවාස හිමියන්ට 2025 දී ජල හා කසළ ගාස්තුවල වැඩිවීමක්.

ටොරොන්ටෝ නිවාස හිමියන්ට 2025 වසරේදී  ජල හා කසළ බිල්පත්වල වැඩි වීමක් අපේක්ෂා කෙරේ.මේ අනුව ටොරොන්ටෝ ඒකාබද්ධ ජල හා අපජල පරිභෝජන අනුපාතවලට මෙන්ම කසළ බඳුන් ගාස්තුවලට සියයට 3.75 ක වැඩිවීමක් ක්‍රියාත්මක කරන ලෙස නගර කාර්ය මණ්ඩලය City staff  නිර්දේශ කර ඇත.

මෙය වසරකට ඝන මීටර් 230ක් පරිභෝජනය කරන සාමාන්‍ය නිවසක් සඳහා ඩොලර් 39ක ජල ගාස්තු වැඩිවීමකි.

මෙමගින් Toronto Water හි මෙහෙයුම් සහ ප්‍රාග්ධන වැඩසටහන් අවශ්‍යතා සඳහා ආසන්න වශයෙන් ඩොලර් මිලියන 53.35 ක අතිරේක ආදායමක් සහ සේවා සඳහා උද්ධමනකාරී පිරිවැය ඉහළ නැංවීම සඳහා දළ වශයෙන් ඩොලර් මිලියන 2.337 ක අතිරේක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කෙරේ.

කසළ බැහැර කිරීම වැඩිවීම නිසා මධ්‍යම ප්‍රමාණයේ බඳුනක් සහිත නේවාසික දේපලක් සඳහා වසරකට ඩොලර් 13.44 ක් පමණ අය කෙරෙනු ඇත. මෙම වෙනස මඟින් මෙහෙයුම් සහ ප්‍රාග්ධන වැඩසටහන් අවශ්‍යතා සඳහා ආසන්න වශයෙන් ඩොලර් මිලියන 13.4ක අමතර ආදායමක් උපයා ගත හැකිය.

වාණිජ දේපල සඳහා, අපජල හා ජල පරිභෝජන අනුපාතය වැඩිවීම වසරකට ඝන මීටර් 100,000 ක සාමාන්‍ය  පරිභෝජනය මත පදනම්ව වසරකට අතිරේක ඩොලර් 16,940 ක් වැය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *