කැනඩාවේ ප්‍රථම WNBA(Women’s National Basketball Association) කණ්ඩායම සඳහා 10,000කට වැඩි පිරිසක් නම් යෝජනා ඉදිරිපත් කළ අතර ඉන් එක් නාමයක් නිල නාමය ලෙස තෝරා ගෙන ඇත. එය – Toronto Tempo.ලෙස හැදින්වේ”ටෙම්පෝ යනු වේගයයි. එය හද ගැස්මකි. ඔබ මෙම නගරයේ වීදිවලට පිවිසෙන විට ඔබට දැනෙන්නේ එයයි,” කණ්ඩායමේ සභාපති තෙරේසා රෙෂ් (Teresa Resch)මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
මීට පදනම සැකසෙන්නේ කාන්තා ජාතික පැසිපන්දු සංගමය විසින් එය කැනඩාවට ව්‍යාප්ත කරන බව ප්‍රකාශ කිරීමෙන් සය මසක් ඉකුත්ව යාමෙන් පසුවයි. ඒ එක්සත් ජනපදයේ පදනම් නොවූ පළමු WNBA කණ්ඩායම නිර්මාණය කරමිනි.කැට්ලින් ක්ලාක් සහ ඒන්ජල් රීස් Caitlin Clark and Angel Reese වැනි නැගී එන තරු විසින් මෙහෙයවන ලද WNBA හි 2024 වාරය දශක දෙකකට වැඩි කාලයක් තුළ එහි වැඩිම ප්‍රේක්ෂක නැරඹුම් වාරය ලෙස සනිටුහන් විය.
Toronto Tempo එකතු වීමත් සමඟ WNBA හි දැන් වෘත්තීය කණ්ඩායම් 14ක් ඇත.Toronto franchise නිර්මාණය කිරීම 2028 වන විට බලාපොරොත්තු වන අතර ඒවනවිට කණ්ඩායම් 16ක් දක්වා වර්ධනය කිරීමට බලාපොරොත්තුවේ.”කැනඩාවේ WNBA කණ්ඩායම ලෙස, Tempo අපගේම වේගයක් සකසා, ශූරතා තරඟාවලියක ගමන් කරන අතර, මේ රට පුරා සිටින ප්‍රේක්ෂකයන්ට ආස්වාදයක් ලබා දෙන බව මම දනිමි,” Resch මහත්මිය පැවසුවාය.
ෆ්‍රැන්චයිස් වලට අනුව කණ්ඩායමේ වටිනාකම් පිළිබිඹු කිරීම සඳහා නිර්මාණය කරන ලද Tempo සඳහා වන ලාංඡනය, මධ්‍යයේ “T” සහිත පැසිපන්දුවක්ද අනාවරණය කෙරිණි.ලාංඡනයේ බෝලයෙන් දිගු වන තියුණු රේඛා හයක් “පිටියේ සිටින ක්‍රීඩකයින් පස්දෙනා සහ ක්‍රීඩාවේ හයවන ක්‍රීඩකයා නියෝජනය කරයි:
ටොරොන්ටෝ ටෙම්පෝ 2026 දී ටොරොන්ටෝ හි කොකා-කෝලා කොලිසියම් හි ක්‍රීඩා කිරීමට නියමිතවේ.එහිදී කණ්ඩායමේ හිමිකාරීත්වය සහ මෙහෙයවනු ලබන්නේ Kilmer Sports Ventures විසින් වන අතර, එහි සභාපති Lary Tanenbaumටහිමි වේ.