ඔන්ටාරියෝ හි විද්‍යාල පීඨ නියෝජනය කරන සංගමය පවසන්නේ සේවා කොන්ත්‍රාත් පිලිබද සාකච්ඡා වල සැබෑ ප්‍රගතියක් නොමැති වුවහොත් ජනවාරි 4 වනදා විට තමන් නීත්‍යානුකූල වැඩවර්ජනයකට යොමුවන බවයි.ඔන්ටාරියෝ රාජ්‍ය සේවා සේවක සංගමය, ඔන්ටාරියෝ හි කම්කරු අමාත්‍යාංශයෙන් වාර්තාවක් ඉල්ලා ඇති අතර එය කම්කරු සාකච්ඡා වලදී සමථ මණ්ඩලයක් පත් නොකරන බවට විධිමත් දැනුම්දීමකි.
දෙසැම්බර් මස මුලදී විද්‍යාලවල නියෝජිතයන් සමඟ කළ මැදිහත්වීම අසාර්ථක වූ අතර සේවා කොන්දේසි, රැකියා සුරක්ෂිතභාවය සහ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඛාදනය විය හැකි බවට කනස්සල්ල පළ කළ බව සංගමයේ ප්‍රධානීන් පසුගිය සතියේ ප්‍රකාශ කළේය.
OPSEU( Ontario Public Service Employees Union)ට අනුව වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට පෙර දින පහකට පෙර දැනුම්දීමක් ලබා දිය යුතුය.
ඔන්ටාරියෝ හි පොදු විද්‍යාල 24 සඳහා කේවල් කිරීමේ නියෝජිතයා වන විද්‍යාල සේවා යෝජක කවුන්සිලය පවසන්නේ තමන් සද්භාවයෙන් දිගටම ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් කේවල් කරන බවත් එහි වර්තමාන ඉල්ලීම් නැවත සලකා බලන ලෙස OPSEU වෙතින් ඉල්ලා ඇති බවයි.
බඳවා ගැනීම් අඩුවීම සහ රජයේ ප්‍රතිපත්ති වෙනස්වීම් හේතුවෙන් විද්‍යාලවල මූල්‍ය පාඩු මධ්‍යයේ එම ඉල්ලීම් අධ්‍යයන පිරිවැය වැඩි කරනු ඇතැයි CEC පවසයි.
ඔන්ටාරියෝ හි විද්‍යාල සහ විශ්ව විද්‍යාල පවසා ඇත්තේ සමහර පාසල් මුහුණ දෙන ගැටලු හේතුවෙන් ජාත්‍යන්තර සිසුන් සඳහා ෆෙඩරල් ආන්ඩුවේ සීමාව උසස් අධ්‍යාපන අංශයට විශාල හානියක් සිදු කරනු ඇති බවයි.