කිතු සමිඳාණන්ගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල පසුගිය (24) වැනිදා මැදියම් රැයෙන් උදා විය.එහිදී ශ්‍රී ලාංකිකයන්ද ලෝක ප්‍රඡාව සමග එක්ව නත්තල සමරීමට එක්විය.
කෙසේ වෙතත් ජේසුස් ක්‍රිස්තූස් වහන්සේ උපන් බෙත්ලෙහෙම් නගරයේ මෙවරත් තන්තල් සැමරීමක් සිදුනොවෙයි.බෙත්ලෙහෙම් නගරාධිපතිවරයා පවසන්නේ පලස්තීන වැසියන්ට එරෙහිව සිදුවන අයුක්තියට විරෝධය පළකරමින් මෙලෙස සැමරුම් අත්හිටුවා ඇති බවයි.තත්තල් සමයේදී සාමාන්‍යයෙන් සංචාරකයන්ගෙන් පිරීයන යුනෙස්කෝ ලෝක උරුමයක් වන බෙත්ලෙහෙම නගරය හුදකලා වූයේ 2023 එක්තෝම්බර් 7 වනදා සිදුවූ හමාස් ප්‍රහාරයෙන් පසුවයි.
නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගි වන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දී පැවැත්විය.නත්තල උදාවු දින මධ්‍යම රාත්‍රීයේ ලොවපුරා කෝටි සංඛ්‍යාත කිතුණු බැතිමතුන් මෙන්ම ශ්‍රී ලාංකික කිතුණු දෙව්මැදුරුවලද දේව මෙහෙයන් පැවැත්විය.
මෙවර ශ්‍රී ලාංකාවේ ප්‍රධාන නත්තල් දේව මෙහෙය අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ජා ඇළ වික්ෂෝප දේව මාතා දේවස්ථානයේදී පැවැත්විය.සිය නත්තල් දින පණිවුඩය නිකුත් කරමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේ ආත්මාර්තකාමීත්වයෙන් බැහැරව අධ්‍යාත්මික මංගල්‍යක් ලෙස සලකා මෙවර නත්තල සැමරීමට සියලු දෙනා වගබලා ගත යුතු බවයි.
මේ අතර පසුගිය (24) වැනිදා මැදියම් රැයෙන් උදා වූ ජේසු බිළිඳාගේ උපත සැමරෙන නත්තල ලෝක ප්‍රජාව විසින් පිළිගනු ලැබුවේ මහත් උත්සවශ්‍රීයෙනි.
වසරකට අධික කාලයක් පුරා ඊශ්‍රායල යුද ගැටුම්වලට මැදිව සිටියත් ගාසා තීරයේ කිතුනු බැතිමතුන් ද ඉතා බැතියෙන් මෙවර නත්තල සමරනු ලැබීය.ඒ අනුව ගාසා තීරයේ ප්‍රධාන නත්තල් දේව මෙහෙය පැවැත්වුණේ ගාසා සිටි නගරයේ හෝලි ෆැමිලි දේවස්ථානයේ දී යි.
මේ අතර වසර පහකට පෙර ගිනිගෙන හානි වූ පැරීසියේ නෝත්‍රදාම් ආසන දෙව් මැදුරේද නත්තල් දේව මෙහෙය පැවැත්විණි.එය යළි විවෘත කිරීමෙන් පසු පැවැත්වුණු පළමු නත්තල් දේව මෙහෙයද මෙය වේ.
එමෙන්ම රාජකීය නත්තල් කැරොල් ප්‍රසංගය මෙවරත් උත්කර්ෂවත් අයුරින් වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවැත්විය. ඒ කේට් කුමරියගේ මෙහෙයවීමෙනි.
මේ අතර යුක්රේනයේ කිතුනු බැතිමතුන් මෙවරත් පසුගිය වසරේ සේම නත්තල් සමරුමට එක්වියයුක්රේන ජනතාව මෙලෙස නත්තල සමරන්නේ අඛණ්ඩ රුසියානු ප්‍රහාර හේතුවෙන් ඔවුන්ට දරුණු විදුලි අර්බුදයකට ද මුහුණ දීමට සිදුව ඇති පසුබිමක වීම විශේෂත්වයකි.
ලොව පුරා කිතුනු බැතිමතුන් මෙලෙස සිය ආදරණීයයින් සමග නත්තල සමරද්දී සිය සමීපතමයින්ගේ දුරස්ව කල් ගෙවන ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමීන්ද සිය නත්තල් සුබ පැතුම් එක්කරනු ලැබීය.