ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව Fitch Ratings හා Moody’s ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය පවසයි.
මේ හේතුවෙන් Fitch Ratings ආයතනය,මෙරට දිගුකාලීන විදේශ ණය ශ්‍රේණිය ඉහළ දැමීමට කටයුතු කර ඇත.ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය ණය නිකුත් ශ්‍රේණිය RD මට්ටමේ සිට CCC + මට්ටම දක්වා උසස් කර තිබෙන අතර, දේශීය විනිමය ණය නිකුත් ශ්‍රේණිය CCC – සිට CCC + දක්වා ඉහළ නංවා තිබේ.Fitch Ratings ආයතනය පැවසුවේ ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාර්ථකත්වය වැඩි දියුණුකළ සාර්ව ආර්ථික දර්ශක සහ දේශීය මුදල් පැහැරහැරීමේ අවධානම අඩුකිරීම මෙමගින් පිළිඹිබු කරන බවයි.
මේ අතර මූඩිස් ජාත්‍යන්තර ණය වර්ගීකරණය ආයතනයත් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය ශ්‍රේණිය ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
එහි දැක්වෙන්නේ, පසුගිය සතියේ අමෙරිකානු ඩොලර් බිලියන 12.55 කට අදාළ විදේශ ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණයට අවසර දීමත් සමග මෙම පියවර ගෙන ඇති බවයි.ශ්‍රී ලංකාවට විදේශීය ණය ගෙවීමට නොහැකි බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමග ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතන ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහළ දමනු ලැබුවා.
කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය වැඩසටහනකට එළැඹීමෙන් පසු ශ්‍රී ලංකාවේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළක් ආරම්භ කෙරිණි.එය පසුගිය සතියේ අවසන් අදියරට පැමිණියේ විදේශ ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයට ආයෝජකයින් කැමැත්ත පළ කිරීමෙන් පසුවයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ පැවති ණය ශ්‍රේණිය ඉහළ දැමීමට ෆිච් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ද පියවර ගත්තේ ය.මේ අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අනුව භාණ්ඩාගාර බැඳුම්කර අටක් මගින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හුවමාරු කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුව පෙන්වා දෙන්නේ මෙම සියලු බැඳුම්කර රුපියල් මිලියන 19,466.1ක වෙන්කළ මුදලකින් සමන්විත බවයි