ජාත්‍යන්තර සිසුන් කැනඩාව හරහා ඇමරිකාවට ජාවාරම් කරන බවට ඉන්දියාවෙන් චෝදනා.

කැනඩාව සහ එක්සත් ජනපද දේශ සීමාව හරහා නීතිවිරෝධී ලෙස සිසුන් ප්‍රවාහනය කළ බවට චෝදනා එල්ල වී ඇති කැනඩාවේ විද්‍යාල විශාල ගනනක් සහ මුම්බායි හි “ආයතන” දෙකක් අතර සම්බන්ධයක් පවතින  බව ඉන්දීය නීතිය ක්‍රියාත්මක කරන ආයතන Indian law enforcement agencies පවසයි.

මුදල් විශුද්ධිකරණය සහ විදේශ විනිමය නීති විමර්ශනය කරන බහු විනය සංවිධානයක් වන ඉන්දියාවේ බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය අඟහරුවාදා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ  නගර රැසක සෝදිසි කිරීමකින් “මිනිස් ජාවාරම” පිළිබඳ “අපරාධකාරී” සාක්ෂි අනාවරණය වී ඇති බවයි.

එම චෝදනා අධිකරණයේ විභාග කර නැත. මේ සමිබන්ධයෙන් කැනඩාවේ ෆෙඩරල් රජය, RCMP සහ ඔටාවා හි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ කැනේඩියානු විද්‍යාල නිලධාරීන් කිහිප දෙනෙකුලෙන් විමසුවද ඹවුන් ඊට වහාම ප්‍රතිචාර දැක්වා නැත.එක්සත් ජනපද තානාපති කාර්යාලය පසුගිය  බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ ඊට අදාලව කිසිදු ප්‍රකාශයක් නොමැති බවයි.

2022 ජනවාරි 19 වන දින මැනිටෝබා සහ එක්සත් ජනපදය Manitoba and the United States අතර දේශසීමා හරස් මාර්ගයක් අසල 39 හැවිරිදි ජග්දීෂ් බල්දේව්භායි පටෙල් Jagdish Baldevbhai Patel ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ මියගොස් සිටියදී සොයා ගැනීමෙන් පසුව ඔවුන් සිය විමර්ශනය ආරම්භ කළ බව ඉන්දීය නිලධාරීන් පවසයි.

අනවසර පුද්ගලයින් එක්සත් ජනපදයට ගෙන ඒම, ඔවුන් ප්‍රවාහනය කිරීම සහ එයින් ලාභ ලැබීම සම්බන්ධ චෝදනා හතරක් යටතේ, මිනසෝටා ජූරි සභාවක් පසුගිය මාසයේදී පුද්ගලයන් දෙදෙනෙකු වරදකරුවන් බව තීරණය කළේය – ෆ්ලොරිඩාවේ ස්ටීව් ෂැන්ඩ් Steve Shand සහ චිකාගෝහිදී අත්අඩංගුවට ගත් ඉන්දියානු ජාතික හර්ෂ්කුමාර් පටෙල් Harshkumar Patel එද පුද්ගලයන් දෙදෙනනා වේ.

නඩු පවරන්නන් පැවසුවේ ෂැන්ඩ් රියදුරෙකු ලෙස සිටියදී හර්ෂ්කුමාර් පටෙල් නවීන මෙහෙයුමක් සම්බන්ධීකරණය කළ බවයි. දේශ සීමාවේ මිනසෝටා පැත්තෙන් ෂැන්ඩ් ඉන්දියානු සංක්‍රමණිකයන් 11 දෙනෙකු රැගෙන යාමට නියමිතව සිටි බව නඩු පවරන්නන් පැවසීය. එද දේශසීමා තරණයේදී දිවි ගලවා ගත්තේ හත් දෙනෙකු පමණි. කැනේඩියානු බලධාරීහු සීතලෙන් මිය ගොස් සිටි පටෙල් පවුල එදින උදෑසන සොයා ගත්හ.හර්ෂ්කුමාර් පටෙල් සහ ෂැන්ඩ්ට  තවමත් දඬුවම් නියම කර නොමැති අතර ඔවුන්ට අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *