2036 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කිරීම සඳහා ලයන් වොරියර්ස් නම් දස අවුරුදු වැඩසටහනක් පසුගියදා ආරම්භ කර තිබේ.
ඒ මෙහි නිර්මාතෘ වන කවපෙත්ත සහ යගුලිය දැමීම ඉසව්වේ ජාතික වාර්තාව කිහිපවරක්ම හිමිකර ගත් තලවොව් අලයිලීමායි සහ මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පිරිසක් විසිනි.
වසරින් වසර අගාධයට යන ක්‍රීඩාව සඳහා නව පණක් ලබාදීමට සහ 2036 ඔලිම්පික් ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාවට පදක්කම් 10ක් දිනාදීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.
මේ යටතේ වර්තමානය වන විට මෙරට දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40දෙනෙක් ඔලිම්පික් උළෙල සඳහා සූදානම් කරමින් සිටින බව වාර්තා වේ.
එමෙන්ම ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සහ පෝෂණයද මෙම වැඩසටහන යටතේ අවුරුදු 10ක් පුරාවට ලබාදීමට නියමිතව ඇත.