ශ්‍රී ලංකාවේ උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළට.

වසර 11 ක් තුළ මෙරට උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.එහි අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය සඳහන් කළේ, 2013 වසරේ උපත් 352,450 සිදුව ඇති බවයි.එහෙත්, පසුගිය වසර වන විට එය 228,091 දක්වා පහල ගොස් ඇතැයි, ඇය සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවේ වාර්ෂික උපත් අනුපාතය ලක්ෂකයින් පමණ අඩු වී ඇති බව වෛද්‍ය විශේෂඥයින් ද, පෙන්වා දෙනවා.විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ සමාජ කතිකාවක් නිර්මාණය විය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *