ඉදිරියේදී වාහන ආනයනයේදී වාහන මත පැනවෙන සියයට 300ක පමණ ආනයන බදු සියයට 400 හෝ සියයට 500 ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පැවසුවේ එලෙස වාහන මිල ගණන්වල වැඩිවීම කෙරෙහි වැට් ඇතුළු තවත් බදු වර්ග තුනක් ද බලපා ඇති බවය.
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පැවසුවේ වැගන් ආර් Wagon R වර්ගයේ රථයක පැවති රුපියල් ලක්ෂ 16ක පමණ වූ බද්ද නව සංශෝධනයෙන් රුපියල් ලක්ෂ 18 ඉක්මවා යා හැකි බවය.
එමෙන්ම විට්ස් Vitz වර්ගයේ මෝටර් රථයක් ආනයනයේදී පැවති රුපියල් ලක්ෂ 20ක පමණ බද්ද රුපියල් ලක්ෂ විසිහතරහමාර පමණ දක්වා ඉහළ යා හැකිය.
ටොයොටා ඇක්වා Toyota Aqua, කොරොලා corolla, ඇක්සියෝ Axio වර්ගවල මෝටර් රථවල මෙතෙක් පැවති රුපියල් ලක්ෂ 57ක බදු රුපියල් ලක්ෂ 66ක් පමණ දක්වා ඉහළ යන බව ද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය දරුණු කඩාවැටීමකට මුලපිරූ 2020 වසරේ මුල් භාගයේ සිට මෝටර් වාහන ඇතුළුව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තාවකාලිකව අත්හිටුවීමට හා සීමා පැනවීමට බලධාරීන් පියවර ගත්තේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන ක්‍රියාත්මක වීම සහ ශ්‍රී ලංකාවේ විදේශ සංචිතවල ඇතිවූ වැඩිදියුණු වීමත් සමඟ ආර්ථිකය යථාතත්ත්වයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුවේ ද එකඟතාව මත යළි වාහන ආනයනය කෙරෙහි මතුවූයේ සුබවාදී බලාපොරොත්තුවකි.
ඒ අනුව 2024 සැප්තැම්බර් මස 12 වැනිදා පැවති ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව සංයෝජිත වර්ගීකරණ සංඛේතාංක හෙවත් HS Codes 304ක් යටතේ මෝටර් වාහන සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිත නොවන රෝද සහිත අයිතම ආනයනය සඳහා අදියර තුනක් යටතේ අවසර හිමිවිය.ෙඒ, මේ වසරේ පෙබරවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදිය.
මෙවන් පසුබිමක මෝටර් වාහන ආනයනයේදී නව බදු සංශෝධන ඇතුළත් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය පසුගිය 11 වැනිදා සිට බල පැවැත්වේ.