කැනඩාවේ ලෝක කනිෂ්ඨ හොකී කණ්ඩායමේ හිටපු සාමාජිකයින් පස් දෙනෙකුට එරෙහි ලිංගික අතවර කිරීමේ නඩු විභාගය මෙම සතිය පුරා පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඩිලෝන් ඩුබ්, කාටර් හාර්ට්, මයිකල් මැක්ලියෝඩ්, කැල් ෆූට් සහ ඇලෙක්ස් ෆෝමෙන්ටන් Dillon Dube, Carter Hart, Michael McLeod, Cal Foote and Alex Formenton යන අයට ලිංගික අතවර චෝදනා එල්ල වූයේ මීට වසර හයකට පමණ පෙරදීය.
මැක්ලියෝඩ් McLeod ලිංගික අතවර කිරීමේ වරදේ පාර්ශවකරුවෙකු වීමේ අමතර චෝදනාවකට මුහුණ දී සිටී.
ක්‍රීඩකයන් පස්දෙනාම වරද පිළිනොගනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මරියා කැරොසියා Maria Carroccia ඉදිරියේ ජූරි නඩු විභාගයක් අප්‍රේල් 22 වැනිදා ලන්ඩනයේ දී ආරම්භ වීමට නියමිතය.
ප්‍රකාශන තහනමක් හේතුවෙන් මෙම සතියේ නඩු විභාගයේදී ඉදිරිපත් කරන ලද කිසිදු සාක්ෂියක් හෝ තර්කයක් මේ අවස්ථාවේ වාර්තා කළ නොහැක.
මූලික පොලිස් පරීක්ෂණයක් 2019 අරඹා චෝදනා නොමැතිව වසා දමා වසර තුනකට පසුව නැවත එම විමර්ෂන ආරම්භ කරන ලදී. පොලිසිය විමර්ශන සම්බන්ධයෙන් යම් තොරතුරු ලබා දී ඇති නමුත් නව සාක්ෂි එකතු කිරීමෙන් පසු ක්‍රීඩකයින්ට එරෙහිවචෝදනා ගොනු කිරීමට හැකිවී ඇත.