
කැනේඩියානු හිම මත ලිස්සා යන ක්‍රීඩක ගිල්මෝර් ජූනියෝ Canadian speedskater Gilmore Junio 2014 රුසියාවේ සෝචි Sochi හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 1,000 ඉසව්වේ සිය ස්ථානය ඉවත් වු අතර ඔහුගේ කණ්ඩායමේ සගයා වන ඩෙනී මොරිසන්ට Denny Morrison එහිදී තරඟ කිරීමට හැකි විය.
පසුගිය සෙනසුරාදා Calgary’s Olympic Oval කැල්ගරි ඔලිම්පික් ඕවල් ක්‍රීඩාංගණයේ පැවති ලෝක කුසලාන ධාවන තරඟ අතරතුර මොරිසන්ගේ වෘත්තීය ජීවිතයට ගෞරව කරමින් බැනරයක් එසවූ විට මොරිසන් ඔහු දිනාගත් රිදී පදක්කම ජූනියෝ වෙත ලබා දීමට කටයුතු කෙරිණි.
“මට මගේ පදක්කම ගිල්මෝර්ට දීමට අවශ්‍ය විය, මන්ද අපගේ කථා ඉතා එකිනෙකට බැඳී ඇති බැවිනි” මොරිසන් පැවසීය. “ඔහු මා වෙනුවෙන් කළ දේ නොමැතිව මට රිදී පදක්කමක් දිනා ගත නොහැකි විය. ස්තුතියි පමණක් ප්‍රමාණවත් නැහැ.” උත්සවය අතරතුර ජූනියෝ මොරිසන්ව එලෙස හඳුන්වා දුන් අතර, පදක්කම ලබා දීමෙන් මොරිසන් ඔහුව මවිතයට පත් කළේය.”මම ඇත්තටම පුදුම වුණා,” ජූනියෝ පැවසීය. “ඩෙන්නි දිගු කලක් තිස්සේ මගේ හොඳම මිතුරන්ගෙන් කෙනෙකි, එබැවින් ඔහුගෙන් මෙය ලබා ගැනීම බොහෝ දේ අදහස් කරයි.”යනුවෙන් වැඩිදුරටත් ප්‍රකාශ කලේය.
BC, Fort St. John හි මොරිසන්, Sochi හි මීටර් 1,500 ඔලිම්පික් ලෝකඩ පදක්කමක් ද, 2010 දී Vancouver හි රන් සහ 2006 දී ඉතාලියේ Turin හිදී රිදී පදක්කමක්ද දිනා ගත්තේය. ඔහු 2020 දී විශ්‍රාම ගනු ලැබිණි.
තුන් වරක් ඔලිම්පික් ක්‍රීඩකයෙකු වූ ජූනියෝ 2022 බීජිං හි පැවති ශීත ඍතු ක්‍රීඩා උළෙලෙන් පසු විශ්‍රාම ගැණිනි.