පරිවර්තන කවි

තවත් ඉරිදාවකට යාඥාවක්

වෙනස්වනසුළු හැමදේටම
ස්තූතිවන්ත වන්න
විවිධ ඍතු, සතුටින් පිරි ප්‍රභාතයන්
අඩ සඳ, රත් පැහැති හිරු

වෙනස්වනසුළු හැමදේටම
ස්තූතිවන්ත වන්න
නිහඬබව, ඇදී යන වලාකුළු
බහින්බස් වන කුරුල්ලන්, සුදු අයිරිස් මල්

වෙනස්වනසුළු හැමදේටම
ස්තූතිවන්ත වන්න
මුහුදු තීරයේ සුළං හඬ
කැපූ තණකොළ, දඟකාර ලේනුන්

වෙනස්වනසුළු හැමදේටම
ස්තූතිවන්ත වන්න
නිති ගැහෙන හදවත්
ප්‍රශ්න නඟන මනස

අප සතුව ඇත්තේ
වෙනස්වනසුළු දේ පමණි
ඒ, අපට අවශ්‍ය හැම දෙයයි
අප සැදුම්ලත් හැම දෙයයි

වෙනස්වනසුළු හැමදේටම
ස්තූතිවන්ත වන්න

Translation of the poem ‘Prayer for Another Sunday’ by Sharron Crowson

පරිවර්තනය – හෙල්මලී ගුණතිලක

Hot chocolate days බ්ලොග් අඩවියෙන් , අවසර ඇතිව උපුටා ගත්තකි

http://hotchocolatedays.blogspot.com/

සඳ පහන් රැය සහ වියෝගය

මා පියඹ අද රෑට
ෆූ-සෝවලට පෑයූ
පුරා හඳ දෙස
බලන්නේ තනිවමය

සිතමි මම සෝබරව
දුර ඈත සිටිනා
මා දූ පුතුන් ගැන
තවම ළඳ බොළඳය
වටහාගත නොහේ
මේ වෙන්වීම ඔවුනට

සිහිවේ මට තවම
චැන්ගැන්හි අප ගෙවූ ජීවිතය

සුගන්ධිත පින්නෙන්
තෙමී ඇත ඈ වරළස
සඳඑළියේ දිලෙන
ධවලවන් ඇගෙ දෑත
කිරිගරුඬ මෙන් සීතලය

අපේ දිලිසෙන කඳුළු
සඳකැනෙන් වියැලෙන අතර
ඇරුණු කවුළුවකින් එබීගෙන
නැවත අපි කවදාක
එක්ව හිඳිමුද ඉතින්

තූ ෆූ (712-770)


(ඩේවිඩ් ලුන්ඩ්ගේ ඉංගිරිසි පරිවර්තනය ඇසුරෙනි)

පරිවර්තනය නිලූක කදුරුගමුව

පරිවර්තන බ්ලොග් අඩවියෙන් .

http://nilukakadurugamuwa.blogspot.com/

*අවසර ඇතිව උපුටා ගැනුනකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *