සිංහල බ්ලොග් කවි මුතු

අහස – The Sky

නිල් පැහැති සිහිනයක් සේ,

අහස දිග හැරේ නිමක් නැතිව.

සුදු වලාකුළු නටන විට,

සිතත් පියාඹයි නිදහසේ.

උදෑසන රන් කිරණ වැටී,

බලාපොරොත්තුවේ නැවුම් මල් පිපෙයි.

සැන්ඳෑව දම් පැහැයෙන් සැරසී,

දවසේ කවිය නිමා කරයි.

රාත්‍රියේ තරු ඇස් දල්වාගෙන,

අහස කතා කියයි නිහඬව.

සඳ එළිය මඟ පෙන්වන විට,

ලෝකය නිදයි සැනසිල්ලෙන්.

අහස අසීමිත කැන්වසයක්,

ස්වභාවයේ සුන්දර චිත්‍රයක්.

බලන හැම මොහොතකම අලුත් වන,

අපගේ සිහිනවල සදා සගයා.

ගල්මල් – Coral

https://galmal.blogspot.com

 ගිණුම | Lovemoney

ගණකාධිකාර තුමණි,

සත්තමයි මේ කියන්නේ..

කිසිම ගණුදෙනුවක්

කෙරුන්නෑ – මාස ගානකට.

ගනු කියා සැරසුනත් – අබග්ගය

දෙනු කියා කිව්වමුත් – අනතුරුය

මේ ගිණුම පෙරදිනේ

දවසකට විසි තිස් පාර,

නෑ! සමහර වෙලාවට

පැයකටම හත් අට පාර..

එහාටයි මෙහාටයි

ගණුදෙනුම කලානේ!

ඕන් ලයින් – ඔෆ් ලයින්

හර – බැරම කීයක්ද?

ඔබතුමාත් වතාවක්

අනතුරු ඇඟව්වත් එක්ක!

ගිණුම් දෙක තුනක් නෑ

එකම ගිණුමයි ඇත්තේ,

සන්තකේ මම දැම්මේ

මේ ගිණුමේ තමයි මයි!

පොඩ්ඩකට පුළුවන්ද

ලිපියකින් වගේ මට ,

ඔබතුමා ඉල්ලලා

යවන්නට…

දරුවන්ගේ තාත්තට

ගිණුම ගැන මතක්කොට!

– ආදර ගිණුම – හදවතේ ශාඛාව

මන්ජි

https://kadadasikole.blogspot.com

‘‘ප්‍රේමය නම් බලන්න යන්න කවුරුත්ම නෑ…”

ඉස්සරම දවසක

ඉල්ලීම් කිසිත් නැතිවම

එක්කරන් ගියා මතකයි

සිනමා සිත්තමකට…

කාෂ්ටක අගනුවර

උතුරු ධ්‍රැව සීතල ය

අසරණවූ සාරි පොට

උරතලෙහි වාරු කොට

ඔබ උන්නෙ තිරයේම

ඇස් දෙක අලෝගෙන……

අතරමැදි විරාමෙදි

නැගී කිසිවක් නොකියාම

පුංචි එකෙකුට වගේ

කන්න බොන්නත් අරගෙන

ආයෙ ආවේ ඔබ

අත්දෙකම පුරෝගෙන…

මං බලා උන්නේ

තුන් හිතම පුරෝගෙන…

රාමුවෙන් රාමුවට ජීවිතය කතා කළ

ඒ එදා දවසෙයි

අඳුන ගත්තේ මං

ආදරේ මුලකුරු

පෙරළ ගත්තේ මං

ප්‍රේමයේ පළමු පාඩම…

කියවගන්නත් පෙර ම පොත

පිටුවෙන් පිටුව ඔබ ඉරා දැම්ම

දරාගන්නම බැරි කමට දුක

මං පොත ම වසා දැම්ම…

තරුර​සී

https://tharurasi.blogspot.com

සදාතනික ….!

ආදරයෙන්

සඳ එළියේ

නිසොල්මන්ව 

      ගලා බසින……!

සදා තනික 

කිසිදු දිනෙක

නොසිඳී යන

           ගඟක් ලෙසට……… ;

ඔබේ නමට

උපන් සිතට

පවන්සලන

               නෙත ඔබ ලඟ…………!

තට්ටයාගේ කොලම 

https://thattayagekolama.blogspot.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today