කැනඩාවේ කවි සිතුවිලි

ප්‍රණා

????????????????????????????????????

ටින් බෙලෙක්ක තක්ක බක්ක සද්ද දම දමා,
කබල්ම බස් එකක් සොයන්,
කොල්ලෝ trip එකක් ගියා….

ප්‍රණා… උඹ හදවතින්ම artist කෙනෙක්…
උඹ එනකොට හුඟක් චිත්‍ර කලුයි සුදුයි…
උඹ තමා ඒ චිත්‍ර වලට උඹේම තාලෙට පාට එක් කලේ..
උඹේ තිබ්බ unlimited energy එක එකතු කරලා, ඒ චිත්‍ර වර්ණවත් කලේ..

ප්‍රණා… මම කවදාවත් දැකල නෑ උඹේ battery බහිනවා
උඹේ energy අඩු වෙනවා
උඹේ සද්දේ අඩු වෙනවා
උඹව එක තැනක තියන්න බෑ
උඹ ඉන්න තැනක් කවදාවත් boring නෑ….

උඹේ battery බහින්නේ නෑ…
සින්දුවක්
කවියක්
drums පාරක්
බෙර පාරක්
mouth organ පාරක්
කවදාවත් ඒ කිසිම performance එකක් උඹ battery බැහැල දීලා නෑ
එක හුස්මකින් energy අඩු වෙලා නෑ….

එහෙම උන්නු උඹ…
අද මෙහෙම ඉන්න එක…
අපිට විශ්වාස කරන්න බෑ මචෝ…
උඹේ battery බහින්නේ නෑ
එහෙම වෙන්න බෑ

අඩෝ!!!!!
අපිත් එනවා!!!
උඹ ආතල් එකේ ඉඳපන්!
අපිත් එනකන්…
drum set එකයි… බෙර ටිකයි… mouth organ එකයි… ලැස්ති කරගෙන
උඹේ කළු leather jacket එක දාගෙන
අමාරුවෙන් හරි… ඉවසීමෙන් ඉදපන්!
අපිත් එනවාමයි!!!

සුභ ගමන්, ප්‍රණා!
ආදරෙයි!

මීට,
පරණ යාලුවෙක්.

සතිය 

දහමට අනුව තේරුම වචනයෙ              සතිය

හැකි හැමවිටම පැවතීමයි හොඳ           සිහිය

පුරුදු පුහුණු කෙරුවොත් මෙය වැඩි       වැඩිය

ලැබ ගත හැකිය ඕනැම කෙනෙකුට        සතිය

ඉපදුන දා පටන් මරණය                   දක්වාම

සතියෙන් සිටීමට නොහැකිය          හැමෝටම

එනමුදු පුහුණු කළහොත් හැකි       හැමවිටම

සතියෙන් සිටිය හැක හැම         කටයුත්තකම

වැඩිහිටි සමහරුන් ලැබගන්නට            සතිය

වෑයම් කරයි එනමුත් බාධක               වැඩිය

පාසල් ළමුන්ගේ සිතුවිලි                   පිරිසිදුය

පැයකින් දෙකෙන් අල්ලාගන්නවා           සතිය

සතියට ආගමක් කුලයක් නැත            පොදුය

සුදුසුකමක් නැත සැමටම             කළහැකිය

කිසි වියදමක් නැත නිති කාගෙත්          ළඟය

ගැටලු සියල්ලට විසඳුම වෙයි               සතිය

සතිය වැඩීමට විධි කිහිපයක්               තිබේ

වැඩුනොත් ආනිශංශය එවෙලේම         ලැබේ

අලසකමට නොවැඩෙයි ඔබෙ සතිය       ඉබේ

වැඩුවොත් සතිය එයමයි ගැලවීම         ඔබේ

දාන ශීල පිංකම්වල                යෙදෙනවනම්

බණ භාවනාවට ගත සිත           යොමුවීනම්

මම දැන් මෙතන ඉන්නා බව        දන්නවනම්

සතියෙන් සිටි ඔබ වෙන අරමුණු      නැත්නම්

වීරිය කළයුතුයි ලැබ ගන්නට              සතිය

ලැබගත් සතිය අත් නොහැරී             ජීවිතය

සතිමත් අයට ලැබෙනා කුසලය          වැඩිය

නිවනට එකම මග වෙයි වඩනා           සතිය

සිසිල් මාන්නප්පෙරුම 

Brampton Canada

හුදෙකලා පිරිමි 

එක යායට පීදෙන මල් දැකලා 

කිසිවෙක් නෑ පැණයක් නැඟුවේ 

එක පාටට කැමතිම අත්තටු දැකලා 

ඒ  ගැනමයි පැණයන් නැගුවේ 

ජීවන ගමනක සීතල සමයයි

මුළු ජීවිතයෙම ගෙවී ගියේ 

වසන්ත සමයක් ඊළඟ භවයෙදි

එනු ඇත ඒකයි සිත් බැඳුණේ 

ගඟ දිය ආ පසු අසනා පැනයම

ඇසුවට නෑ පිළිතුරු ලැබුණේ 

හෙටත් ඒ ලෙසම උල්පත්ත බිහිවෙයි

ගංගා වී ඔබ ගලනු මැනේ 

කුසල හාමුදුරුවෝ 

Brampton – Canada

අපි අපට තව දුරද දේවී

තරු එළිය ළග ළගයි          දේවී

අපි අපට තව දුරද             දේවී

බමුණු මත, බැමි පවුරු        ඒවී

ඒත් ඔබ එක හිතද            දේවී

එරෙහි වන බල මුලක       සතුරු

මළු පිරෙන තරම් ගල්        මුගුරු

ජාති ආගම් නැමැති            පවුරු

ඇයිද අප තකන්නේ           කවුරු

එක හිතට බැදෙන්නට     සතුටින්

බදිමු අප කැදැල්ලක්       විගසින්

ගුලිකරන් ඒ පැතුම්        එලෙසින්

දුරු රටක හෝ වෙසෙමු   සතුටින්

රුවන් හරිස්චන්ද්‍ර 

Toronto – Canada

දවුල් හඩ

පාළුවක් නැති ගම්දොරින්

මහා දළදා මන්දිරෙන්

බොහෝ ගතු කේලම් ඔතාගත්

දවුල් හඩ නික්මෙයි…..වලාවට

යුක්තියක් පතමින්

චන්ද්‍රරත්න බණ්ඩාර

ටොරොන්ටො  නගරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today