කැනඩාවේ කවි සිතුවිලි

මෙදා අවුරුද්ද ......

කොහාට ගන්නට දීලා අවුරුද්දට නිවාඩුවක්

රේඩියෝවෙ කොහා හඩයි පැය කාලෙන් කාලෙට සැරයක්

කඩ කැවුමේ රතු පාටින් තිබුණත් හිත ගත් පිරියක්

ගණන් හින්ද මට තියෙනවා පොල්තෙල් ගැන මහ සැකයක්

ගමට ගියත් දැන්නම් නැහැ හරි සිංහල අවුරුද්දක්

TV...  එක පෙන්නනවා ගමේ තියෙන අවුරුද්දක්

පොරපොල් පංචිත් ඔංචිලි අවුරුදු ක්‍රීඩා වල වෙනසක්

බනිස් කෑමෙ ෆොටෝ එකක Caption... එක අවුරුද්දක්

ළමයින්ටත් බිසී කියල එවලා නෝනා ඩිලිවරියක්

කෑම පාර්සලේ තියෙන්නේ පිලිකා කාරක තොගයක්

මහගෙදරම පාළු වෙලා දරුවන් නැති විට අඩුවක්

Phone.... එකට හිනාවෙලා කථා කරමු තව දවසක්

රුවන් හරිස්චන්ද්‍ර

Toronto

නෙත්ති මාලේ (නව) කවි

දෙපා ගුරුලු විත් නුඹ පා             අඹරාය
නුඹෙ සුනිඳු මුහුණේ කුණු          තවරාය
වැටුණු වල ගැඹුර නුඹ තවමත් නොදනීය
මල්කම් ගිනි ගනී දෙවියොත්      පිටුපාය

තැඹිලි පැහැ වටොර දැයකට එළිය දෙති
යහන තනති නුඹ එන සැකයෙන්   පිරිමි
යුද්දෙට පසුව ආ බලවත්        හැගීමෙනි
දෙපා ලග තබා රට, රට ඔල්වර    නගති

කුමන සැකයක්ද නුඹ ලස්සණයි    තමා
පාර්වතී පරදන මෙනි රුවැති         උමා
බලන් පුරා හඳ අහසේ නුඹම         තමා 
කවට කමට වත් ආපසු හැරෙනු     එපා

නුඹ නැවතුණේ කවුඩන් බානක්    ළගය
තව පලයං මොනරෙක් හමුවන     තුරුම
මොදර ඉඳං දෙව්පුර දුර බව          සැබව
වෙහෙස නොගන් සුරිඳුන් හමුවනු නිසැක

චන්ද්‍රරත්න බණ්ඩාර

Toronto

අමිල සෙනෙහස 

දැනි සෙනෙහසට පණ පෙව් ජීවිත     අඹරේ
මගෙ සුදු මැණික නුඹ විය දියබිඳ    කතරේ
ගත අඩපනව මියැදෙන අනියත        සසරේ
විඳි පෙම් සුවඳ සුරැකිව ඇත හද    ගැඹරේ


දරු මුණුබුරන් හා සතුටින ගත        කෙරුව
දින අවසන්ය උන් හට ඇත ලොව       හුරුව
අප හට අපව හිමිවිය සෙනෙහස        දැරුව
යමු ඉදිරියට පැදගෙන යලි දිවි           ඔරුව

දර්ශනි රූපසිංහ 

Hamilton - Canda

මුමුනමි නුඹට..

ලය පැලි මුව කමල සිනාසි..

මැරෙන්න හෙතු නොසොයා..

අත් අරින ජිවිතේ..

මහා මුසල පාඑව වටකරන්..

සුසුමි තාරකා මා වටා..

පෙල ගැසි ඵකින් ඵක..

තෙපුල්සර සයනයේ..

නිමාව පෙනි නොපෙනි..

යන සේයාව..

අන්ධ විශ්වාෂයෙන්..

මා පමනක්..

නුඹ තවත් හිතකට..

ලංවෙන්න හති දමන..

දෙනෙතින් නොකි වදනින්..

හිනැහි සමුදෙන්න..

වාරු නැති දෙපා..

ලය මත සගවා..

සුසුමි කුනාටුව..

නොපෙනි ඉන්නට..

වරමි මා අදටත්..

තරු ඇසින්..

මුමුනමි නුඹට..

පෙමිකල ඵ් ..

හෝරාව..

ශ්‍යාමලී ගමගේ

Brampton - Canada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *