අංක එකේ සබ­ලෙන්කා අව­සන් පූර්ව වට­යට.

විම්බ්ල්ඩන් ටෙනිස් තර­ගා­ව­ලියේ කාන්තා කේවල ඉසව්වේ අව­සන් පූර්ව වටයේ ස්ථාන­යක් වෙන්කර ගැනී­මට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩි­කාව වන බෙල­රු­සි­යාවේ අර්යානා සබ­ලෙන්කා සමත් වූවාය.

අර්ධ අව­සන් පූර්ව වට­යේදී ජර්ම­නියේ ලෝරා සීග්මන්ඩ් සමඟ තර­ග­වැ­දුණු සබ­ලෙන්කා වට 2-1ක ජයක් හිමි­කර ගනි­මින් ඉදිරි වට­යට පිවි­සි­යාය. එම තර­ගයේ පළමු වටය ජය ගැනී­මට ලෝරා සමත් වූයේ ලකුණු 6-4ක් ලෙසිනි. කෙසේ වෙතත් දෙවැනි සහ තෙවැනි වට­යන් පිළි­වෙ­ළින් ලකුණු 6-2ක් සහ 6-4ක් ලෙස ජය ගැනී­මට සබ­ලෙ­න්කාට හැකි විණි.

මේ අතර අමෙ­රිකා එක්සත් ජන­පද ක්‍රීඩිකා අමන්දා අනි­ස­මෝවා සහ රුසි­යානු ක්‍රීඩිකා ඇන­ස්ටේ­ෂියා පව්ලි­යු­චෙ­න්කෝවා අතර පැවති අනෙක් අර්ධ අව­සන් තර­ග­යෙන් 2-0ක ජයක් හිමි­කර ගැනී­මට අමන්දා සමත් වූවාය. ඒ අනුව ලොව අංක එකේ ක්‍රීඩිකා අර්යානා සබ­ලෙන්කා සහ ශ්‍රේණි­ගත කිරීම් අනුව 13 වැනි ස්ථානයේ පසු­වන අමන්දා අනි­ස­මෝවා අතර පළමු අව­සන් පූර්ව තර­ගය අද (10) පැවැ­ත්වී­මට නිය­මි­තය.

පිරිමි කේවල ඉස­ව්වෙන් අව­සන් පූර්ව වට­යට එක්වී­මට අමෙ­රි­කානු ක්‍රීඩක ටේලර් ෆ්‍රිට්ස් සහ ස්පාඤ්ඤ ක්‍රීඩක කාලෝස් අල්ක­රාස් සමත්ව වූහ. ඔවුන් දෙදෙනා අතර අව­සන් පූර්ව තර­ගය හෙට පැවැත්වේ. අල්ක­රාස් ලෝක ශ්‍රේණි­ගත කිරී­ම්වල 2 වැනි ස්ථාන­යෙත්, ෆ්‍රිට්ස් 5 වැනි ස්ථාන­යෙත් පසු­වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *