
එක්සත් ජනපදයේ විශාලතම නගරය වන නිව්යෝර්ක් නගරයේ ලාබාලතම නගරාධිපතිවරයා වශයෙන් සොහ්රාන් මම්දානි ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගත්තා.
ප්රජාතන්ත්රවාදී සමාජවාදියෙකු වන මම්දානි ඡන්ද 948,202ක්, 50.6% ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රහණය කර තිබෙනවා.ඒ පසුගිය (04)වැනිදා පැවැති ඡන්ද විමසීමේදී හිටපු ආණ්ඩුකාරවරයෙක් ද වන ස්වාධීන අපේක්ෂක ඇන්ඩෘෘ කූමෝයි පරාජයට පත් කරමින්.
ඒ අනුව ඔහු 2026 ජනවාරි 01 වැනිදා නගරාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.මෙම නගරාධිපති තරඟය ආරම්භයේ සිටම ජනාධිපති ට්‍රම්ප් හිටපු නිව්යෝර්ක් ප්‍රාන්ත ආණ්ඩුකාර ඇන්ඩෲ කියෝමෝ හට සිය සහයෝගය පලකර සිටියා.
මෙහිදි ට්‍රම්ප් විසින් සඳහන් කර තිබුණේ, ඩිමොක්රටික් සොහ්රාන් මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බවයි.කෙසේ නමුත්, මෙම තර්ජනය මිලියන 8.4 කට අධික ජනතාවක් නොසලකා හැර තිබෙන බව පෙනි යනවා.
මම්දානි ඔහුගේ අභිලාෂකාමී දැක්ම යටතේ දැරිය හැකි මිලකට භාණ්ඩ අලෙවිය, නිව්යෝර්ක් නගරයේ පළමු විශ්වීය ළමාරක්ෂක වැඩසටහන නිර්මාණය කිරීමේ සැලැස්මක්, නගර බස් රථ නොමිලේ කිරීම සහ නගරයේ කුලී ස්ථාවර කුලී නිවැසියන් මිලියනයක් සඳහා කුලිය කැටි කිරීම ජනතා ආකර්ෂණයට හේතු වී ඇති අතර මෙම ජයග්‍රහණය ජනාධිපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වට ප්‍රභල පහරක් බව ජාත්‍යන්තර විචාරකයන් සඳහන් කර තිබුණා.
ඉතිහාසයේ පළමු මුස්ලිම් නගරාධිපතිවරයා වශයෙන් මෙන්ම දකුණු ආසියානු සම්භවයක් ඇති පළමු පුද්ගලයා ද වන්නේ මම්දානි.සොහ්රාන් මම්දානි 34 හැවිරිදි වියේ පසුවනවා.


