‘Rebuilding Sri Lanka’ අරමුදල රුපියල් මිලියන 1,893 ඉක්මවයි.

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා දියත් කරන ලද ‘Rebuilding Sri Lanka’ වැඩසටහන සඳහා දේශීය දායකයින්ගෙන් හා විදේශයන්හි ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගෙන් සහ විවිධ සංවිධානවලින් රුපියල් මිලියන 1,893 ක මූල්‍ය ආධාර ලැබී ඇති බව මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසනවා.

ආපදාවෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ දේපළ හිමියන්ට වන්දි ගෙවීම සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම මෑතකදී සියලුම රක්ෂණ සමාගම්වල ප්‍රධානීන් සහභාගී වූ රැස්වීමක් කැඳවූ බව ඔහු ප්‍රකාශ කලා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්,ආචාර්ය සූරියප්පෙරුමට අනුව, සුළිකුණාටුවෙන් ඇති වූ හානියට පත් ව්‍යාපාර, දේපළ සහ ජීවිත හානි සඳහා කඩිනම් වන්දි ලබාදීමේ ක්‍රියාවලිය සියලුම රක්ෂණ සමාගම් දැනටමත් ආරම්භ කර තිබෙනවා.

ඒ යටතේ, සුළු දේපළ හානි සඳහා වන්දි ගෙවීම් දැනටමත් ආරම්භ කර ඇති අතර රක්ෂණ සමාගම් නියෝජිතයන් තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, අවශ්‍ය තොරතුරු රැස්කර සත්‍යාපනය කිරීමෙන් පසු පුළුල් දේපළ හානි සඳහා වන්දි ගෙවන බවයි.

හැකි සෑම අවස්ථාවකම ගෙවීමෙන් කොටසක් වහාම නිදහස් කරන බව ද ඔවුන් මෙහිදී පොරොන්දුවී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *