ඉරාන – අමෙරිකා සාකච්ඡා හේතුවෙන් ඉස්ලාමාබාද් නුවර ආරක්ෂාව දැඩි කෙරේ.

අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා හේතුවෙන් පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සාකච්ඡාවලට සහභාගී වන නියෝජිතයින් නවාතැන් ගන්නා තරු පහේ සෙරීනා හෝටලය (Serena Hotel) කේන්ද්‍ර කරගනිමින් කිලෝමීටර් 3ක ආරක්ෂිත කලාපයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වෙයි. 

එම කලාපය තුළ දැඩි ආරක්ෂක පියවර ක්‍රියාත්මක කර ඇති අතර, සාමාන්‍ය ජනතාවගේ ප්‍රවේශය සම්පූර්ණයෙන්ම සීමා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර සාම සාකච්ඡා සඳහා අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (J.D. Vance) ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් පකිස්තානයට පැමිණීමට නියමිතව ඇත.

ඒ හේතුවෙන් අමෙරිකානු රහස් ඔත්තු සේවා කණ්ඩායම් දැනටමත් ඉස්ලාමාබාද් නුවරට පැමිණ ඇති බව සඳහන්ය.

පකිස්තාන රජය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙක ඉස්ලාමාබාද් අගනුවරට බලපැවැත්වෙන පරිදි හදිසි රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව පාකිස්තාන මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ සහ ඉරා­න­යට එල්ල කරන ප්‍රහාර අත්හි­ටු­වීමේ කොන්දේසි යටතේ අමෙ­රි­කාව සහ ඉරා­නය අතර සති දෙකක සටන් විරා­ම­යක් ප්‍රකා­ශ­යට පත්වී තිබේ. හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරා­න­යට ලබා දුන් කාල­සී­මාව සම්පූර්ණ වීමට පැය කිහි­ප­ය­කට පෙර පාකි­ස්තාන අග­මැති ශෙබාස් ෂරීෆ්ගේ මැදි­හ­ත්වී­මෙන් කොන්දේසි සහි­තව සති දෙකක සටන් විරා­ම­ය­කට දෙපා­ර්ශ­වයේ එක­ඟ­තාව පළ විය.

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරී­මට අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා ඉරා­න­යට ලබා දුන් කාල­සී­මාව පසුගිය 08 වැනිදා අව­සන් වීමට නිය­මි­තව තිබූ අතර, ඊට පැය කිහි­ප­ය­කට පෙර අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­යාට සහ ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරග්චි සමඟ දුර­ක­ත­නය ඔස්සේ සාකච්ඡා කළ පාකි­ස්තාන අගැ­මැති ෂරීෆ් දෙපා­ර්ශ්වය අතර එක­ඟ­තාව සඳහා අවශ්‍ය පසු­බිම සකස් කළ බව වැඩි­දු­ර­ටත් වාර්තා වේ. ඉරා­න­යට එල්ල කරන ප්‍රහාර නව­ත්වන්නේ නම් හමුදා අධී­ක්ෂ­ණය යටතේ නෞකා ගමනාගම­න­යට හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කරන බව එහිදී ඉරාන විදේශ ඇමැ­ති­ව­රයා සඳ­හන් කර ඇති අතර, ඒ බව දැනුම් දීමෙන් පසු අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රහාර අත්හි­ටු­වී­මට පිය­වර ගනි­මින් සති දෙකක සටන් විරා­මය නිවේ­ද­නය කිරීමට කටයුතු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *