කැනඩාවේ කවි සිතුවිලි

අනුබුදු හිමියනි

වැනසී තිබූ පෙරදිග මුතු ඇටය           එදා

සැනසුව සේක හිමි සදහම් කිරණ       විදා 

මනුසත් විලේ පිපි බැතිමල් පොකුරු      පුදා

අනු බුදු මිහිඳු හිමි ගුණ සිහිකරමු       සදා

අහසින් වැඩම කර රැඳෙමින් මිහින්   තලේ

පහසින් සැනසුවා ඉසිමින් දහම්         ජලේ 

රහසින් කිමිද නහමින් ගුණ සිසිල්      විලේ

විගසින් පසක් කර ගමු අම නිවන්       පලේ 

බුදු ගුණ මහිම හඳුනන දම් සෝ       නිරිඳු

හුදු සිරි ලකට එවමින් සිය පුත්         මිහිඳු 

පිදු දම් මිහිර විඳිමින් කර සිත්           පුබුදු

මුදුනත් නගා නමදිමු අනුබුදු             සමිඳු

සමිඳුනි ඔබ නිසා වැඩි මගෙ මව්       බිමට

හිමිවුනි නව පනක් ආගම රට           දැයට

සිඹිමින් දූවිල්ල පෑගුන හිමි               පයට

බැතිමල් පොකුරු පුද දෙමු අද ඔබෙ  නමට

අරහත් ධජය පොරවා හිරිමල්          ගතට

භගවත් දහම ගෙන වැඩ මගෙ මව්   බිමට

දැනු වත් කළ දනන් බණ දහමට       පිනට

බුදු පුත් හිමි නොවැඩියා නම් රට      කුමට

කුසුම් කාරියවසම් 

ටොරොන්ටෝ කැනඩාව 

සුබ අලුත් අවුරුද්දක් වේවා!

ඉපදුන බාල විය ගතකළ සොඳුරු         බිමයි

නෙක ඵල වැලින් පෝෂිත පින්සාර        කෙතයි

වඳුලේ රඟන සියොතුන්ගේ මිහිරි          නදයි

දෙනයන පිනයි මගෙ හදවත සලිත       කරයි

නිලඹර වලාවන් රූ සිතුවම්                 මවන

සිසිලස ගෙනෙන නෙක තුරු නළවන      පවන

කිරිවැදි බන්ඩි ගොයමද දෙනයන         පිනන

පිවිතුරු ගැමි සුවඳ ඇතිදෝ වෙන     කොතැන

සවනත පිනන රස හඬ මැව් උණ        පඳුරු

දැහැනත බිඳියි හෙමිහිට දෙසවන      තැවරු

එරබදු මලින් පිරි මනරම් දොළ           ඉවුරු

මතුකළ හැඟුම කරනට නොහැකිය     අකුරු

මවමින් සිරිය කොවුලා රඟදෙයි         සිත්සේ

දසතින් හඬයි ගිනි කෙළි තුන් යම       තිස්සේ

එබිකම් කරයි මුං ගුලි දුම උඩ          මැස්සේ

රඹකැන් තුටිනි ගහකින් හෙමිහිට       බැස්සේ

කෝවිලෙ, පල්ලියේ, පන්සලෙ බුදු       මැදුරේ

නාදෙන් ඔකඳවූ මිහිරෙන් කිරි            ඉතිරේ

ජීවන ගමන සව් සත වෙත සෙත        පැතිරේ

මේ සුභ පැතුම් ඔබ සැමටයි මගෙ      මිතුරේ

දර්ශනි රූපසිංහ 

Hamilton – Canada

කෝ ළමයි….

සරාගයේ හැගුම් පොකුරු ගුලිකර         එක්කොට

නිවාඩුවට ඔබ එනවා මාව                   දකින්නට

පෙරුම් පුරා බලන් ඉන්න කැමති            තුරුල්ලට

මහන්සියට නිදි වාගෙයි ගොරවයි            සද්දෙට

සද තරුවැල් වෙහෙස වෙලා රාග            කලාවට

ජනේලයෙන් ඉර එබෙනවා හොර.        අල්ලන්නට

අපට හොරා උදේ වෙලා දවස පිපෙන            විට

අනේ සුමේ පටන්ගන්න වෙලාව මේ               මට

ගේ පොඩ්ඩේ ගුලිවෙන කොට තදවි           එයයිට

මාමණ්ඩි අහයි මීයො ඇත්දැයි               යමරෙට

නැන්දම්මා පරල වෙද්දී ළමයෙක්            නැතුවට

අනේ අම්මේ ළමයි කොහෙද සෙල්ලම්  නැතිකොට

රුවන් හරිස්චන්ද්‍ර 

Toronto – Canada

අඩන්න නොව..

අඩන්න නොව..

දොඩන්න තරමි..

මතක පිරුණු අතිතයක්..

නුඹ තවමත්..

රාමු කල පිටු අතර..

සැගව ගිය අපුරුව..

මතකද… වැලි තලාවේ..

සුන්දර කතා..

වැලි යට සැගවුනු..

මිණි කැටයක්..

නොහඩා ඉන්නට..

පුරන පාරමි..

වරු ගනන් අවදියෙන්..

රළ මතින් ..

නැගෙන ඝෝෂා..

දවස පුබුදුවන..

මිහිරි මතකයන්..

සිතිඡය පුරා..

මා ලියන්නමි..

නුඹ සදට පෙමි කල..

නිශාචරය..

ශ්‍යාමලී ගමගේ..

Brampton – Canada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *