ශ්‍රී ලංකා නෙට්බෝල් ඉති­හාස‍යේ දරු­ණු­තම පසු­බැ­සී­මක් – හොංකොං තර­ගා­ව­ලි­යේදී තෙවැනි තැනට වැටෙයි

ආසි­යානු නෙට්බෝල් ශූර­තා­වලි ඉති­හාස‍යේ දරු­ණු­තම පසු­බැ­සීම ලද ශ්‍රී ලංකා පිල ‍මෙවර හොංකොංහි පැවති තර­ගා­ව­ලි­යේදී තෙවැනි ස්ථාන­යට පත්වූ අතර, මේ හේතු­වෙන් ලබන වසරේ ඔස්ට්‍රේ­ලි­යාවේ පැවැ­ත්වී­මට නිය­මිත ලෝක ශූරතා නෙට්බෝල් බලා­පො­රොත්තු සුන්වී ගියේය. ආසි­යානු ශූර­තාව පිට පිට දෙවැනි වතා­වට දින­ගත් සිංග­ප්පූ­රුව හා බොහෝ කල­කට පසු අනු­ශූ­ර­තාව හිමි­කර ගත් හොංකොං ඉදිරි ලෝක ශූර­තා­ව­ලි­යට සුදු­සු­කම් ලබා ගත්හ. වසර 2009දී මල­යා­සි­යාවේ පැවති ආසි­යානු නෙට්බෝල් ශූර­තා­ව­ලියේ සිට සෑම අව­ස්ථා­ව­ක­දීම ශ්‍රී ලංකාව පිට පිට අව­සන් තර­ග­යට පැමිණ දස්කම් දැක්වූ අතර, ශ්‍රී ලංකා­වෙන් ආසි­යානු නෙට්බෝල් අව­සන් තර­ග­යක් මෙවර ගිලිහී යෑම කැපී පෙනිණි.

අව­සන් පූර්ව තර­ග­යේදී සිංග­ප්පූ­රුව වෙතින් ශ්‍රී ලංකාව ලකුණු 82 – 54ක දරුණු පරා­ජ­යක් ලැබූ අතර, අනෙක් අව­සන් පූර්ව වට­යේදී හොංකොං වෙතින් ලකුණු 51 – 47කින් මල­යා­සි­යාව පරා­ජ­යට පත් විය. සිංග­ප්පූ­රුව හා හොංකොං අතර අව­සන් තර­ග­යෙන් සිංග­ප්පූ­රුව ලකුණු 57 – 33ක් ලෙස ශූර­තාව දිනා­ගත් අතර, තෙවැනි ස්ථානය සඳහා වූ තර­ග­යේදී ශ්‍රී ලංකාව ලකුණු 65 – 60කින් මල­යා­සි­යාව පරා­ජය කළේය.

ආසි­යානු නෙට්බෝල් ශූර­තා­ව­ලි­යට ශ්‍රී ලංකා නෙට්බෝල් පිල පිටත්ව යෑමේදී ක්‍රීඩි­කා­වන් පිළි­බඳ මත­භේ­ද­යක් පුහු­ණු­කා­රිනි සොමිතා ද අල්විස් මහ­ත්මිය හා ශ්‍රී ලංකා නෙට්බෝල් සංග­මය අතර පැනනැඟී තිබූ අතර, අව­සා­නයේ වෛද්‍ය වාර්තා ගැට­ලු­ව­කට ක්‍රීඩා අමා­ත්‍යාං­ශය ද මැදි­හත් විය. තර­ගා­ව­ලි­යට පෙර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩි­කා­වන් කිහි­ප­දෙ­න­කුම ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා හමුවී දුක්ගැන­විලි ඉදි­රි­පත් කළ අව­ස්ථාද පැව­තිණි.

ශ්‍රී ලංකා පිල අව­සන් වරට පැවති 2024 ආසි­යානු ‍නෙට්බෝල් ශූර­තා­ව­ලියේ අව­සන් මහා තර­ග­යේදී සිංග­ප්පූ­රු­වට පරා­ජය වී අනු­ශූ­ර­තාව දිනා­ගත් අතර, 2022 තර­ගා­ව­ලි‍යේදී සිංග­ප්පූ­රුව පර­දවා ශූර­තාව දිනා ගැනී­මට සමත් විය. ආසි­යානු නෙට්බෝල් ශූර­තා­ව­ලියේ තෙවැනි ස්ථාන­යට පත්වූ ශ්‍රී ලංකා පිල ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තව තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today