අධි­ක­ර­ණය දුන් තීන්දු­ව­ලට සිය­ල්ලන් යටත්.- වෙනත් රැක­ව­රණ බලා­පො­රොත්තු වෙන්න එපා . ඡනපති කියයි.

 

ශ්‍රී ලාංකේය ජාතිය අන­තු­රට නොවැ­ටෙන ලෙස මේ රට පාල­නය කර අනා­ග­ත­යට ගෙන යෑම ජාතික ජන බල­වේ­ගයේ වග­කීම බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ප්‍රකාශ කළේය.

ජනා­ධි­ප­ති­ව­රයා එසේ ප්‍රකාශ කළේ, ‘අපේ ආණ්ඩුව, වසර දෙකයි රටට සුබයි’ ජන රැලි මාලාවේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමු­ළුව අම­ත­මිනි. බදුල්ල සේනා­නා­යක පිටි­යේදී පසුගිය (18)වැනිදා රැලිය පැවැ­ත්විණි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ජනා­ධි­ප­ති­ව­රයා :

“දැන් මේ දව­ස්වල කල­බ­ල­කාරි තත්ත්ව­යක් වගේ හදා­ගෙන තිබෙ­නවා. ගමේ එහෙම තියෙ­නව ද? ඒ කල­බලේ ඔක්කොම තියෙන්නේ මාධ්‍ය­වල. ගමේ අද ශක්ති­මත්ව වැඩ කර­මින් තිබෙන බල­වේ­ගය තමයි ජාතික ජන බල­වේ­ගය, අපේ ආණ්ඩුව. ඒත් මාධ්‍ය ඇතුළේ, නිකං කල­බ­ල­කාරි තත්ත්ව­යක් පෙන්නුම් කරන්න උත්සාහ කර­මින් තිබෙ­නවා. ඒකට හේතු තියෙ­නවා.

අපි හැම­දා­මත් කිය­නවා අපේ ආණ්ඩුව ගොඩ­නැ­ඟුවේ මේ රටේ පොදු ජන­තාව. ඒත් මම හිත­නවා අපේ ආණ්ඩුව ගොඩ­නැ­ඟීමේ ප්‍රධා­න­තම හැර­වුම් ලක්ෂ්‍යය බවට පත්වුණේ අපේ කාන්තාවෝ එක මිටට එකතු වීම. එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස අපි 2024 සැප්තැ­ම්බර් මාසේ ආණ්ඩුව හදා­ගත්තා. ඒ නිසා අපේ ආණ්ඩුව හදන ප්‍රධා­නම බල­වේ­ගය තමයි අපේ රටේ කාන්තාවෝ. ඒ විත­රක් නෙවෙයි, මම දන්නවා මේ ආණ්ඩුව ආරක්ෂා කර­න්නෙත්, මේ ආණ්ඩු­වට දිගින් දිග­ටම ජය­ග්‍ර­හණ ගෙනත් දෙන්නෙත් මේ රටේ කාන්තාවෝ.

විශේ­ෂ­යෙන්ම අපි දන්නවා අපේ සහෝ­ද­රි­යන්, අපේ අම්මලා වැඩිම බලා­පො­රොත්තු තියන්නේ කවුරු කෙරෙහි ද? තමන්ගේ ජීවිත කාල­යෙන් වැඩි කාල­යක් මහන්සි වෙන්නේ කවුරු වෙනු­වෙන් ද? තමන් වැඩිම බරක් තමන්ගේ හිසට අර­ගෙන තියෙන්නේ කවුරු වෙනු­වෙන් ද? දරුවෝ වෙනු­වෙන්. තමන්ට තියෙන ජීවි­තය, තමන්ට තියෙන විනෝ­දය, සතුට, ඒවත් පැත්ත­කින් තිය­නවා දරුවෝ වෙනු­වෙන්. දරු­වෙක් අස­නීප වුණොත් තමන්ට අස­නීප වුණා­ටත් වඩා වැඩි­යෙන් වේද­නා­ව­කින් පෙළෙ­නවා අපේ සහෝ­ද­රි­යන්, ඇයි දරුවෝ වෙනු­වෙන්.

දරු­වන්ට උග­න්වන්න වෙහෙස වුණොත් සම­හර වෙලා­වට දරු­ව­න්ටත් වඩා වැඩි­යෙන් මහන්සි වෙන්නේ අම්මලා. ඇයි තමන්ට තමන්ගේ දරු­වන් පිළි­බඳ විශාල බලා­පො­රො­ත්තු­වක්, අපේ­ක්ෂා­වක් තියෙ­නවා. මේ මොහොතේ ජීවත් වෙන ජන­තාව අපි බලා­ග­න්නත් ඕනෑ, ඒ වගේම අපේ අනා­ගත පර­ම්ප­රා­වට සුර­ක්ෂිත රටක් ගොඩ­නැ­ඟී­මයි අපේ ආණ්ඩුවේ ප්‍රධා­නම වග­කීම ලෙස අපි සල­කන්නේ.‍

චීන ජනා­ධි­ප­ති­ව­රයා හමුවූ අව­ස්ථා­වේදී, මම ඇහුවා එතු­මා­ගෙන් “චීනය විශාල ජය­ග්‍ර­හ­ණ­යක් අත්පත් කර­ගෙන තියෙ­නවා. ලෝකයේ ප්‍රබල ආර්ථික බල­ව­තෙක් හැටි­යට පත්වෙලා තිබෙ­නවා. තාක්ෂ­ණයේ විශාල ඉදිරි පිම්මක් අරන් තියෙ­නවා. ලෝක වෙළෙ­ඳ­පොළේ විශාල පංගු­වක් චීනය අද අත්පත් කර­ගෙන තිබෙ­නවා, චීනය මේ තරම් විශාල ජය­ග්‍ර­හ­ණ­යක් ලබා­ගැ­නීම පිටු­පස තිබෙන රහස මොකක්ද කියලා. එතුමා කිව්වා එකම රහස අපේ පැරණි පර­ම්පරා විසින් කරපු කැප­කි­රීමේ ප්‍රති­ඵල කියලා. ඒ කියන්නේ අද චීනය අත්පත් කර­ගෙන තියෙන ජය­ග්‍ර­හණ පිටි­පස්සේ තිබෙන ප්‍රධා­නම කාර­ණය මොකක්ද? පැරණි පර­ම්ප­රාව ඒ රට ගොඩ­නැ­ඟීම සඳහා අපේ­ක්ෂා­ව­කින්, බලා­පො­රො­ත්තු­ව­කින් කරපු කැප­කි­රීම තමයි අද චීනය මෙතැ­නට ගෙනැල්ලා තියෙන්නේ කියලා එතුමා කිව්වා.

දැන් එහෙ­නම් අපි­ටත් තියෙන්නේ මොකක්ද? අපේ අනා­ගත පර­ම්ප­රාව වෙනු­වෙන් අපි කැප­වෙ­මින්, වෙහෙස වෙමින්, මහන්සි වෙමින් වැඩ කරන්න ඕනෑ.

සම­හර අය මම දැක්කා නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණය ගෙනා­වොත් උප­වාස කරලා මැරෙ­නවා කියලා කිය­නවා, ඇයි ඒගොල්ලෝ පැරණි ලෝකෙට අයිති අය. ඒ නිසා අලුත් ලෝක­ය­කට අවශ්‍ය පරි­ව­ර්ත­නය පහ­සු­වෙන් කරන්න බෑ. එය පහ­සු­වෙන් කරන්න බැරි ඇයි? පැරණි ලෝකේ කට්ටිය මේකට බාධා කර­නවා. නමුත් හැම දෙනාම මතක තියා­ගන්න ඕනෑ, මේ ආණ්ඩුව ජන­තා­වගේ ආණ්ඩු­වක්. කවර දේ ඇති වුණත් ජන­තා­වගේ දරු­වන් වෙනු­වෙන් අරන් තියෙන තීන්දුව ආපසු හර­වන්නේ නැහැ. අපි ඒ වැඩේ කර­නවා. ඒකට අපිට මහ­ජන බලය අව­ශ්‍යයි. මොකද මේ නව වෙන­ස්කම් පැරණි අය­ගෙන් ලේසි­යෙන් කරන්න හම්බ­වෙන්නේ නෑ.

ඊළ­ඟට අපේ දරුවෝ ලෝකෙට යන­කොට අපේ දරු­වන්ට මොන වගේ රටක් ද ඕනෑ? ලෝකේ දියු­ණුයි කියන සම්මත හැම රට­කම පොදු කුල­ක­යක් තිබෙ­නවා. හැම රට­කම නීතිය සමා­නව ක්‍රියා­ත්මක වෙනවා. අපි අධ්‍යා­ප­නය ප්‍රති­සං­ස්ක­ර­ණය කරලා විත­රක් ප්‍රමා­ණ­වත් නෑ. අපේ දරු­වන්ට අපි හදන රටේ නීතිය, සාධා­ර­ණ­ත්වය හදන්න ඕනෑ. නීතිය සාධා­ර­ණ­ත්වය නොහැ­දු­ණොත් ඒ දරු­වන් ඒ රට ඇතුළේ අනා­ර­ක්ෂි­තයි.

එහෙ­නම් ඒ දරු­වන්ට ආර­ක්ෂාව ලැබෙන්න නම් නීතිය සමා­නව ක්‍රියා­ත්මක වෙන්න ඕනෑ. නමුත් අපේ රටේ සමා­නව නීතිය ක්‍රියා­ත්මක වුණේ නෑ. මොකද වෙන්නේ. ගමේ ඉන්න දේශ­පා­ලන අධි­කා­රි­යට සම්බන්ධ ලොකුම චණ්ඩියා ගස් කප­නවා. හැබැයි එයාට නීතිය ක්‍රියා­ත්මක වෙන්නේ නැහැ. එයා දේශ­පා­ලන බල­යෙන් ආරක්ෂා කර­නවා. ගමේ ඉන්න දේශ­පා­ලන රැක­ව­ර­ණය තියෙන ලොකුම චණ්ඩියා නීති­වි­රෝ­ධිව වැලි ගොඩ­දා­නවා. ඒකට නීතිය ක්‍රියා­ත්මක වෙන්නේ නෑ. එත­කොට පාරි­ස­රික පද්ධ­තිය කඩා වැටෙ­නවා.

ගමේ ඉන්න දේශ­පා­ලන රැක­ව­ර­ණය ලබන ලොකුම චණ්ඩියා නීති­වි­රෝධි මත්ද්‍රව්‍ය අලෙවි කර­නවා. විකු­ණ­නවා. නීතිය ක්‍රියා­ත්මක වෙන්නේ නැහැ. ඇයි, දේශ­පා­ලන රැක­ව­ර­ණය තියෙ­නවා. අන්න එහෙම රටක දරු­වන්ට රැක­ව­ර­ණය තියෙ­නවද? දරු­ව­න්ටත් මුළු සමා­ජ­ය­ටත් රැක­ව­ර­ණය තියෙන්න නීතිය හැම කෙනා­ටම සමා­නව ක්‍රියා­ත්මක වෙන්න ඕනෑ. නීතිය ඉදි­රියේ සැම දෙනාම සමා­නයි. හැබැයි ඒ පරි­ව­ර්ත­නය ලේසි නෑ. නීති­යෙන් රැක­ව­ර­ණය ලබපු අය හිටියා. නීති­යෙන් බේරුණු අය හිටියා. නීති­යෙන් වර­ප්‍ර­සාද ගත්තු අය ඉන්නවා. ඒගොල්ලෝ කව­දා­වත් කැමැති නැහැ නීතිය සමාන රටක් හද­න­වාට.

ඒගො­ල්ලන්ට නීති­යෙන් හැම වෙලා­වේම වර­ප්‍ර­සාද තියෙන්න ඕනෑ. රැක­ව­ර­ණය තියෙන්න ඕනෑ. ආර­ක්ෂාව තියෙන්න ඕනෑ. ඒගොල්ලෝ නීති­යෙන් බේරෙන්න ඕනෑ, පහළ අයට නීතිය ක්‍රියා­ත්මක වෙන්න ඕනෑ. අපේ රටේ නීතිය පිළි­බ­ඳව තිබුණු අද­හස වුණේ නීතිය මකුළු දැලක් වගේ කියලා. ඒ කියන්නේ පොඩි අය අහු වෙනවා. ලොකු අය කඩා ගෙන යනවා. අපේ රටේ නීතිය එහෙම තිබුණේ. අපිට අව­ශ්‍යයි අපේ දරු­වන්ගේ අනා­ග­තය වෙනු­වෙන් හැම කෙනා­ටම සමාන නීති­යක් තියෙන රටක් හදන්න. අපි ඒක හද­නවා.

නමුත් ඒක හද­න­කොට පරණ නීති­යෙන් වර­ප්‍ර­සාද ලබපු, නීති­යට වඩා උඩින් හිටපු අය කල­බල වෙනවා. මේ දව­ස්වල ටිකක් වැඩි­යෙන් කල­බල වෙලා. ඇයි, මේ දව­ස්වල නීතිය තමන් ළඟට ළඟා නොවෙයි කියලා හිතපු අය ගාවට නීතිය ඇවිල්ලා තියෙ­නවා. කව­දා­වත් හිතුවේ නැහැ. අද නීතිය කාටත් සමා­නයි. එත­කොට අන්න පැරණි නීති­යෙන් වර­ප්‍ර­සාද ලබපු, නීති­යෙන් රැක­ව­ර­ණය ලබපු, නීතිය ඉදි­රියේ තමන්ට දඬු­වම් ලැබෙයි කියලා හිතන අය මොකද කරන්නේ, ඒකට එරෙ­හිව කෑග­හන්න පටන් ගන්නවා. මේකයි මේ තියෙන තත්ත්වය.

කුඩු අල්ල­පු­ව­හම මත්ද්‍ර­ව්‍ය­කා­ර­යන් ගිහිල්ලා බදා­ග­න්නවා, සංඥා­වක් දෙනවා ‘අන්න මේ කුඩු ව්‍යාපා­රය අපිත් එක්ක’ කියලා. මේ කුඩු ආරක්ෂා කරන්නේ දේශ­පා­ලන අධි­කා­රිය. ඒගො­ල්ලන් ඡන්ද­ව­ලට සල්ලි පොම්ප කර­නවා, ඒගොල්ලෝ ඡන්ද­ව­ලට වාහන එව­නවා, ඒගොල්ලෝ ඡන්ද­ව­ලට කෑග­හන්න පටන් ගන්නවා. විශාල දේශ­පා­ලන රැක­ව­ර­ණ­යක් සමඟ මේ කුඩු සහ අප­රාධ කල්ලි වර්ධ­නය වුණා.

ඒ අනුව මත්ද්‍රව්‍ය ඈත ගම්නි­ය­ම්ගම් දක්වා පැති­රෙ­මින් තිබෙ­නවා. අපේ දරු­වන් ගිල­ගන්න මහා රාක්ෂ­යෙක් අපේ මේ සමා­ජයේ අද සැරි­ස­ර­නවා. ඒ රාක්ෂයා වෙන කවු­රුත් නෙමෙයි, මත්ද්‍රව්‍ය. අපේ ළඟ තියෙන වාර්තා අපි පස්වැ­නිදා එළි­ද­ක්වන්න බලා­පො­රොත්තු වෙනවා. පාසල් දරු­වන් කොච්චර ප්‍රමා­ණ­යක් අපි අත්අ­ඩං­ගු­වට අරන් තියෙ­නව ද? ඉගෙ­න­ගන්න දැරි­වි­යන් අපි අත්අ­ඩං­ගු­වට අරන් තියෙ­නවා. අපි පිළි­ගන්න මහා ගෞර­ව­යට භාජ­න වුණු ආය­ත­න­වල, සංස්ථා­වල කට්ටිය අත්අ­ඩං­ගු­වට පත්වෙලා තිබෙ­නවා. අපේ ගෞර­ව­යට භාජ­න වෙච්ච ස්ථාන­වල අයත් මේ මත්ද්‍රව්‍ය උව­දුරේ ගොදුරු බවට පත්වෙලා මුළු සමා­ජ­යම ඛේද­වා­ච­ක­යක් වෙලා තිබෙ­නවා. පොලී­සියේ අත­ළො­ස්සක් මෙහි ගොදුරු බවට පත්වෙලා තිබෙ­නවා.

ඒ නිසා මේ රාජ්‍ය පාල­නය මෙහෙම තියෙන ගමන් යටින් රාජ්‍ය­යක් තියෙ­නවා. ඒ පාතා­ල­කා­ර­යාට පුළු­වන් පාස්පෝර්ට් කාර්යා­ල­යට ගිහිල්ලා පාස්පෝර්ට් තුන හත­රක් හදා­ගන්න. ඒ කුඩු ව්‍යාපා­රි­ක­යාට පුළු­වන් RMV එකට ගිහිල්ලා එකම වාහ­න­යට පොත් හත­රක් පහක් ගන්න. ඒ කුඩු ව්‍යාපා­රි­ක­යාට පුළු­වන් කස්ටම් එකට ගිහිල්ලා තමන්ගේ කුඩු කන්ටේ­න­රය පන්න­ගන්න. මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. මේ ජාලය මේ දක්වා වර්ධ­නය වෙලා තිබෙ­නවා.

දරු­වන්ට එහෙම සමා­ජ­යක රැක­ව­ර­ණ­යක් තියෙ­නව ද? ඕගොල්ලෝ තමන්ගේ දරුවා මොන­ත­රම් තමන්ගේ ගෙදර ආරක්ෂා කර­ග­ත්තත්, එක අව­ධි­යක දරුවා සමා­ජ­යට මුදා­හ­රින්න වෙනවා. අම්මා පිටි­ප­ස්සෙන් ගියපු කාලය අව­සන් කරන්න වෙනවා. තාත්තා සොයා­බ­ලපු කාලය අව­සන් කරන්න වෙනවා. සමා­ජ­යට දරුවා ස්වයං දරු­වෙක් හැටි­යට නිද­හස් කරන්න වෙනවා. නමුත් නිද­හස් කරන්න පුළු­වන් ද?

කුඩු, අප­රාධ, පාතා­ල­යෙන් මේ සමා­ජය පිරිලා තියෙ­නවා. දැන් මොකද කරන්න ඕනෑ. අපේ ආණ්ඩුව ගිය අවු­රුද්දේ මේ කුඩු ව්‍යාපා­රය මුලි­නු­පුටා දැමීමේ රටම එකට ජාතික මෙහෙ­යුම ආරම්භ කළා. එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස අපි අද මත්ද්‍රව්‍ය තොග විශාල වශ­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙ­නවා. දරු­වන්ට ආර­ක්ෂාව, රැක­ව­ර­ණය තියෙන රටක් හදන්න නම් මත්ද්‍රව්‍ය සහ පාතා­ලය විනාශ කරන්න ඕනෑ. ඒත් කරන්න යන­කොට මොකද වෙන්නේ? ඒ මත්ද්‍රව්‍ය ජාල­යෙන් රැක­ව­ර­ණය ලැබපු අය, ඒ පාතා­ල­යෙන් රැක­ව­ර­ණය ලබපු අය, මුදල් ලැබුණු අය, වාහන ලබුණු අය, ගෙවල් ලැබුණු අය. ඒගොල්ලෝ කල­බල වෙනවා කල­බල වෙලා කිය­නවා ‘අපෝ මේ ආණ්ඩු­වට වැඩි­දු­රක් යන්න දෙන්න හොඳ නැහැ’ කියලා.

ඇයි ඒගොල්ලෝ අත්අ­ඩං­ගු­වට පත්වෙ­නවා. ඒකයි මේ කල­බල ඇති කරන්නේ මාධ්‍ය නාළිකා දෙකක් උප­යෝගි කර­ගෙන, ඒ නාළි­කා­ව­ලට සම­හර විට මේ චෝදනා එල්ල වෙච්ච ඉති­හා­ස­යක් තිබුණා. ඒ නිසා මේ ඔක්කොම මේ අප­රා­ධ­ව­ලට සම්බන්ධ ජාලය. ඒකේ දේශ­පා­ල­න­ඥයෝ හිටියා. ඒකේ කළු ව්‍යාපා­රි­කයෝ ඉන්නවා, ඒකේ පාතා­ලය ඉන්නවා, ඒ වගේම මාධ්‍ය නාළිකා එකක් දෙකක් ඉන්නවා. හොඳට මතක තියා­ගන්න. ඒගො­ල්ලන්ට අව­ශ්‍යයි මේ පාතා­ල­යට, මේ කුඩු ව්‍යාපා­ර­යට එරෙ­හිව යන ව්‍යාපා­රය නතර කරන්න.

ඒ වගේම අනා­ග­තයේ ගැටු­ම්කා­රිත්ව­යක් ඇති නොවන රටක් අපේ දරු­වන්ට අව­ශ්‍යයි. අපේ රට අවු­රුදු 30ක් අන­ව­රත යුද්ධ­යක හිටියා. ඒ යුද්ධ­යේදී විශේ­ෂ­යෙන්ම මේ බදුල්ලේ, මහි­යං­ග­ණය ප්‍රදේ­ශයේ අම්මා තාත්තාගේ දරුවෝ යුද්ධ­යට ගිහිල්ලා මේ රට වෙනු­වෙන් මිය­ගියා. අපිට මත­කයි මීට අවු­රුදු හත අට­කට කලින් ගත්ත­හම, මේ ගොඩක් තැන්වල මිය­ගිය රණ­වි­රු­වෙක්ගේ නමින් බස් නැව­තු­ම්පොළ හදලා තිබුණා.

කන­ත්තට ගිහිල්ලා බල­පු­ව­හම ලොකුම සොහොන් කොත තිබුණේ උතුරේ යුද්ධ­යට ගිහිල්ලා මිය­ගිය අපේ අම්මා තාත්තාගේ දරු­වන්ගේ. ඒ නිසා මේ රටේ පුර­වැ­සි­යන්, තරුණ තරු­ණි­යන් එකි­නෙකා ඇන­කොටා ගන්නේ නැති රටක් අපි හදන්න ඕනෑ. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ඔක්කොම සහෝ­ද­ර­ත්ව­යෙන් ජීවත් වෙන රටක් හදන්න ඕනෑ. එකි­නෙකා අතර වෛර­යෙන්, ක්‍රෝධ­යෙන්, කෝප­යෙන් බලන රටක් අපිට ඕන නැහැ. අපිට ඕන ජාතික සම­ඟිය තියෙන රටක්. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ අපි කවු­රුත් අපේ දරු­වන් සහෝ­ද­ර­ත්ව­යෙන් වෙළී­ගෙන ජීවත් වෙන රටක් ඕනෑ.

ඒක හදන්න අමා­රුයි. අද පැරණි බල­වේ­ග­ව­ලට තියෙන එකම රැක­ව­ර­ණය ජාති­වා­ද­යයි. ඔවුන්ට ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ගැන කතා කරන්න බැහැ, ඒගො­ල්ලන්ගේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ඉති­හා­සය ජන­තාව දන්නවා. ආර්ථික වර්ධ­නය ගැන කතා කරන්න බැහැ, ගෑස්, ඩීසල්, විදු­ලිය නැති කරපු ඉති­හා­සය ජන­තාව දන්නවා. ඒගො­ල්ලන්ට වංචා දූෂණ ගැන කතා කරන්න බැහැ, එයාර් ලංකා­ව­ලින්, මහ­බැං­කු­වෙන් ගහපු ඉති­හා­සය ජන­තාව දන්නවා. ඒගො­ල්ලන්ට අපේ රටේ අධ්‍යා­ප­නය ගැන කතා කරන්න බැහැ, ඒකට කරපු විනා­ශය රටේ ජන­තාව දන්නවා. ඒගොල්ලෝ ඇවිල්ලා කතා කරන්නේ මොකක්ද ‘ජාතිය බේර­ගන්න ඕනේ, ජාතිය අන­තුරේ’ – ඔච්ච­රයි! මතක තියා­ගන්න, මේ ශ්‍රී ලාංකේය ජාතිය අන­තු­රට නොවැ­ටෙන්න මේ රට පාල­නය කිරී­මත්, අනා­ග­ත­යට ගෙන­යෑ­මත් ජාතික ජන බල­වේ­ගයේ අපේ වග­කීම, අපි ඒක ඉටු කර­නවා.

ඒත් ජාතික සම­ඟියට ඉඩ­දෙන්නේ නැති කණ්ඩා­ය­මක් ඉන්නවා. ඒගො­ල්ලන්ට ඕනෑ යළි කවර ආකා­රයේ හෝ ජාති­වා­ද­යක් උස්සලා ගැටු­මක් හදන්න. උතු­රෙත් ඉන්නවා පැරණි දේශ­පා­ලන ව්‍යාපාර, ඒගො­ල්ලන්ට වෙන පැවැ­ත්මක් නැහැ උතුරේ. ශ්‍රී ලංකා ඉති­හා­සයේ පළමු වතා­වට පහු­ගිය මැති­ව­ර­ණ­යේදී යාප­නය දිස්ත්‍රි­ක්කයේ ජන­තාව ජාතික ජන බල­වේ­ගය ජය­ග්‍ර­හ­ණය කෙරෙව්වා. වන්නිය ජය­ග්‍ර­හ­ණය කළා, ත්‍රිකු­ණා­ම­ලය ජය­ග්‍ර­හ­ණය කළා, නැඟෙ­න­හි­රත් එහෙ­මයි. ඒ කියන්නේ මොකක්ද උතුරේ, නැඟෙ­න­හිර භේද­ය­කින් තොරව ජන­තාව අද ජාතික ජන බල­වේ­ගය කෙරෙහි විශ්වා­සය තබලා තියෙ­නවා.

අපේ රටේ යුද්ධ හදපු දේශ­පා­ල­නය, අපේ රටේ තරු­ණ­යන් දහස් ගණ­නක් මරා දැමූ දේශ­පා­ල­නය, අපි වෙනස් කර­නවා. වෙනස් කර­න­කොට මොකද කරන්නේ පැරණි ජාති­වා­දීන් නැඟි­ටින්න පටන් ගන්නවා. ඒ නිසා අපි එහෙම පැති කීප­ය­කින් ගත්තොත්, අධ්‍යා­ප­න­යට පැරණි පිල්ලි කල­බල කර­නවා. මත්ද්‍රව්‍ය කුඩු­ව­ලට විරු­ද්ධව කට­යුතු කරද්දි ඊට එරෙ­හිව පැරණි පිල්ලි කල­බල කර­නවා, ජාතික සම­ඟිය හද­න­කොට ජාති­වාදී පිල්ලි කල­බල කර­නවා. මේකයි අද තියෙන තත්ත්වය. හැබැයි මතක තබා­ගන්න, ඒ කල­බ­ල­ව­ලට මාධ්‍ය නාළිකා එකක් දෙකක් ඉන්නවා, ඔය පර­ණම පිල්ලි ටික ඉන්නවා. මේ රටේ පොදු­ජ­නයා නැහැ.

මම දැක්කා ඊයේ, ජන­ව­රම සුර­කින පුර­වැ­සියෝ දහස් සංඛ්‍යාත පිරි­සක් කොළ­ඹට එනවා. මේ කුම­න්ත්‍රණ පරාද කරන්න ඕනෑ. මේ රටේ ජන­තා­වගේ ආණ්ඩු­වක් හැදිලා තියෙ­නවා. ජන­තා­වගේ න්‍යාය­ප­ත්‍ර­යට වැඩ කර­මින් තිබෙ­නවා, ජන­තා­වගේ වුව­ම­නා­වන් වෙනු­වෙන් කට­යුතු කර­මින් තිබෙ­නවා. දැන් ඒකට එරෙ­හිව කුම­න්ත්‍රණ ක්‍රියා­ත්මක කරන්න උත්සාහ කර­නවා. මතක තබා­ගන්න, අනෙක් හැම ආණ්ඩු­වක්ම ඒ කුම­න්ත්‍ර­ණ­ව­ලට යට­වෙන්න පුළු­වන්, කුම­න්ත්‍ර­ණ­ව­ලට ගොදුරු වෙන්න පුළු­වන්, ජාතික ජන බල­වේ­ගයේ ආණ්ඩුව එවැනි කිසිදු කුම­න්ත්‍ර­ණ­ය­කට ගොදුරු කර­ගන්න පුළු­වන් ආණ්ඩු­වක් නොවෙයි.

ඒ වගේම මේ වංචාව, දූෂ­ණය, නාස්තිය අපේ දරු­වන්ගේ අනා­ග­තය විනාශ කරන්න ප්‍රධාන හේතු­වක් වුණා. අපි එළියේ ඉඳන් දැක්කට වඩා වැඩියි ඇතු­ළට ගිහිල්ලා බල­පු­ව­හම මහ­ජ­න­යාගේ ධනය කොච්චර නාස්ති කරලා තියෙ­නව ද? කොච්චර විනාශ කරලා තියෙ­නව ද? කොච්චර හොර­කම් කරලා තියෙ­නව ද? ඇත්ත­ටම හරි­යට පරී­ක්ෂණ කළොත් කවු­රු­වත් ඉතුරු වෙන්නේ නෑ. මේක ඇත්ත තත්ත්වය. අපි වංචා, දූෂ­ණ­යට එරෙ­හිව ක්‍රියා­ත්මක වෙනවා, අත්අ­ඩං­ගු­වට ගන්නවා, පරී­ක්ෂණ පව­ත්ව­නවා, නඩු දානවා, අධි­ක­ර­ණ­යෙන් දඬු­වම් ලබා­දෙ­නවා. මේ වැඩේ අපි හරි­යට කර­නවා.

මේක මේ ඉතුරු අවු­රුදු තුනේම කර­නවා, ඊට පස්සේ ඊළඟ සැරෙත් අල්ල­නවා. මේක අවු­රු­ද්දෙන් දෙකෙන් ඉව­ර­වෙන එකක් නෙමෙයි. සම­හර ඒවා, සම­හර රට­වල් එක්ක සම්බ­න්ධ­යක් තියෙ­නවා, සම­හර රට­වලට පැනලා ගිහිල්ලා ඉන්නවා, ඒගොල්ලෝ ගෙන්න­ගන්න ඕනෑ. සම­හර ඒවට ඒ රට­වල බැංකු­වල විස්තර ගෙන්න ගන්න ඕනෑ. සම­හර ඒවට රටව­ලින් ඇවිල්ලා සාක්ෂි දෙන්න ඕනෑ. වැඩ ගොඩක් තියෙ­නවා. ඒ නිසා මේ රටේ වංචාව, දූෂ­ණය තුරන් කර­නවා විත­රක් නෙවෙයි,මේ රටේ මහ­ජ­න­යාගේ දේපළ හොර­කම් කරපු හැම කෙනා­වම නීතිය ඉදි­රි­යට පමු­ණුවා, දඬු­වම් ලබා­දෙ­නවා. එත­කොට කල­බල වෙනවා. මතක තියා­ගන්න, තව කල­බල වෙන්න ඕනෑ මේගොල්ලෝ.

ඒගොල්ලෝ හැම­දාම හිතුවා මේ ඔංචි­ල්ලාව ඒ පැත්තට යනවා, මේ පැත්තට එනවා. දෙපැ­ත්තට මේ ඔංචි­ල්ලාව ගමන් කර­මින් තිබුණා. අර පැත්තට යන­කොට කට්ටි­යක් ඒකේ, මේ පැත්තට යන­කොට අරකේ කට්ටි­යක් ආයේ නැඟලා මේ පැත්තට ආවා. අලුත්ම කට්ටි­යක් ආවේ නැහැ. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ, ඒගොල්ලෝ නොසිතූ දෙයක් වෙලා තියෙ­නවා. ඒගො­ල්ලන්ගේ තොටිල්ල ගැස්සෙන්න පටන් අරන් තියෙ­නවා. ඒගොල්ලෝ හිතුවේ නැහැ. ඒගො­ල්ලන්ගේ වංචා, දූෂණ පිටු­පස හඹා­ගෙන යන පාල­න­යක් හැදෙයි කියලා. දැන් හැදිලා තියෙ­නවා. අන්න කල­බල වෙනවා, කුම­න්ත්‍රණ ඇති කර­නවා. මේක තමයි අද සමා­ජයේ තියෙන තත්ත්වය. ඒ නිසා මම හිතන්නේ අපිට තියෙ­නවා දේශ­පා­ල­න­යක්.

මම හිත­නවා මේ බලය ආයේ හොල්ලන්න පුළු­වන් බල­යක් නෙවෙයි, මේ සහෝ­ද­රි­යන් අපිත් එක්ක ඉන්න­තාක් කල්. ඒ නිසා මම හිත­නවා අපි ඔක්කොම ගිහිල්ලා ගම්වල එකතු වෙලා ශක්ති­මත්ව ව්‍යාපා­රය හදමු. ඒ වෙනු­වෙන් අපි හැම­දෙ­නාම කැප­වෙමු කියලා ආරා­ධනා කර­මින් මම නතර වෙනවා. බොහොම ස්තූතියි හැම­දෙ­නා­ටම, ජය වේවා කියලා ප්‍රාර්ථනා කර­නවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …