ඔන්ටාරියෝ අධිකරණයක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සාරා ජමා විසින් ව්‍යවස්ථාදායකයෙන් පනවා ඇති ඇයට එරෙහි වාරණය පිළිබඳ අධිකරණ සමාලෝචනයක් සඳහා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
“අයිතිවාසිකම් සහ නිදහස පිළිබඳ ප්රඥප්තිය යටතේ සමාලෝචනය ඇතුළුව පාර්ලිමේන්තු වරප්‍රසාදවලට අයත් වන කරුණු සමාලෝචනය කිරීමට අධිකරණයට අධිකරණ බලයක් නොමැති” බව එහි තීන්දුව ප්‍රකාශ කරමින් අධිකරණය නිවේදනය කලා.
ඊශ්‍රායල-ගාසා යුද්ධය පිළිබඳ සමාජ මාධ්‍ය ප්‍රකාශයන් සම්බන්ධයෙන් ජමා ඔක්තෝම්බර් මාසයේදී විසින් වාරණයට ලක්වුණා. වාරණයකින් සාමාන්‍යයෙන් විධිමත් අකමැත්ත ප්‍රකාශයක් වන අතර, විධිමත් සමාව අයැදීමක් කරන තෙක් කථානායකවරයාට ඇයව සභාව තුළ පිළිගැනීමෙන් වළක්වන කොන්දේසියන් ක්‍රියාත්මක කිරීමේ අවස්තාව පවතිනවා.
ඇතැමුන් මෙම යෝජනාව “ඉතා දුර්ලභ” ලෙස නම් කර ඇත්තේ ජමාට තම ඡන්ද දායකයින් වෙනුවෙන් ව්‍යවස්ථාදායකයේ ප්‍රසිද්ධියේ කතා කිරීමේ අයිතිය වළක්වන බැවින්.
පසුගිදා නිකුත් කළ ප්‍රකාශයකින් කියවුණේ පලස්තීන ජනතාවට සහය පළ කළ සහ “පලස්තීන භූමිය ආක්‍රමණය කිරීම” අවසන් කරන ලෙස ඉල්ලා සිටි ඇයගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් සමාව නොගන්නා බව යලි අවධාරණය කරන බවයි.
මෙම තීරණයට අභියාචනා කිරීමට ශක්තියක් සහ සම්පත් තිබේදැයි මම සලකාබලනමුත් තම ප්‍රකාශය සමඟ එකඟ වී ඇත් නම්, තම වාරණය අවසන් ඉවත් කිරීමට ඡන්දය දෙන ලෙස සහෝදර මන්ත්‍රීවරුන්ගෙන් දිගටම ඉල්ලා සිටින බව ඇය ප්‍රකාශ කලා.
මේ අතර සභා නායක පෝල් කැලන්ඩ්රා කියා සිටියේ අධිකරණයේ තීන්දුව පිළිබඳව තමා සතුටු වන අතර රජය “අපගේ ප්රජාතන්ත්රවාදී ක්‍රමය තුළ පාර්ලිමේන්තුවේ වැදගත් කාර්යභාරය දැඩි ලෙස ආරක්ෂා කර ඇති” බවයි.
“මෑත වසර කිහිපය තුළ අධිකරණය විසින් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය නිසැක ලෙස තහවුරු කළ දෙවන අවස්ථාව මෙය වන අතර එහි ප්‍රතිඵලය පිළිබඳව මම ඉතා සතුටු වෙනවා.”යැයි ඇය කියා සිටියා.