වහාම ක්‍රියාත්මක වනපරිදි ජාතික ක්‍රීඩා සංගම් සම්මේලන 4ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, රග්බි සංගමය, මෝටර් රථ සම්මේලනය සහ දැල්පන්දු සම්මේලනය යන සංගම් හා සම්මේලනවල ලියාපදිංචිය මෙලෙස අත්හිටුවා තිබෙනවා.
ඊට අදාළ ගැසට් නිවේදනය ද පසුගියදා ප්‍රකාශයට පත් කලා.
අදාළ සංගම් හා සම්මේලනවල ඉදිරි කටයුතු සිදුකිරීම සහ ඊට අදාළ නිලවරණය කැඳවීම සඳහා නිසි බලධාරියා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කර ඇති බවයි එහි සඳහන් වන්නේ.