අධ්‍යයන කටයුතු සඳහා පැමිණ සිටින විදේශීය සිසුන්ට සැප්තැම්බර් මාසයේ සිට සතියකට පැය 24 ක් දක්වා විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතුවලින් බාහිරව අමතර සේවාවන්හි නිරතවීමට අවස්ථාව හිමිවන බව කැනඩාවේ ආගමන අමාත්‍යය Marc Miller මහතා පවසනවා. කොවිඩ් වසංගතයත් සමඟින් විදේශීය සිසුන් සඳහා විශ්ව විද්‍යාල අධ්‍යන කාලයෙන් බැහැරව සේවය කළ හැකි පැය ගණන 20දක්වා සීමා කරනු ලැබුවා.කෙසේවෙතත් සැප්තැම්බරයේ සිටයේ විදේශීය සිසුන්ට අධ්‍යන කාලයෙන් බාහිරව සතියට පැය විසි හතරක් දක්වා සේවය කිරීමට අවස්ථාව හිමිවනවා.
මේ පිළිබඳව අදහස් දක්වමින් කැනේඩියානු ආගමන අමාත්‍යවරයා සඳහන් කරන්නේ වෙනත් සමාන අදහස් ඇති රටවල භාවිතාවන් හා ප්රතිපත්තීන් දෙස බලන විට ඉන් බොහොමයක් ජාත්‍යන්තර සිසුන් සඳහා වැඩ කරන පැය ගණන සීමා කර ඇති බවයි. කෙසේ වෙතත් සිසුන්ගේ අරමුණ විය යුත්තේ ඉගෙනීම මිස වැඩ කිරීම නොවන බවද ඔහු පෙන්වා දෙනවා.
මේ පිළිබඳව අදහස් දක්වන ඇතැම් විවේචකයන් පෙන්වා දෙන්නේ සිසුන් පූර්ණ කාලීන අධ්‍යයන වීසා ලබාගෙන රැකියාවල නිරත වීම මූලික අරමුණින් බැහැර යාමක් බවයි. කෙසේ වෙතත් විදේශීය සිසුන්ට අධ්‍යයන වේලාවෙන් බාහිරව වැඩි වේලාවක් සේවය සඳහා අවස්ථාව සලසා දෙන ලෙස රජය වෙත ඉල්ලීම් ද ඉදිරිපත්ව තිබෙනවා. ඉල්ලීම් සාධාරණ බැවින් සිසුන්ට පැය අටේ මුර තුනක් වැඩ කිරීම සඳහා අවස්ථාව සලසා දීමද මෙමගින් අපේක්ෂිතයි.
සිදු කරන ලද විමර්ශනයේදී ලැබුණු තොරතුරුවලට අනුව විදෙස් සිසුන්ගෙන් සියයට අසුවකට වඩා පිරිසක් දැනටත් සතියකට පැය විස්සකට වඩා සේවය කරන බව හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් කැනඩා බලධාරින් පවසන්නේ ග්‍රීෂ්ම කාලය වැනි අධ්‍යයන කටයුතුවලට සක්‍රීයව සම්බන්ධ නොවන කාලවලදී වැඩ කළ හැකි පැය ගණනට සීමාවන් අදාළ නොවන බවයි