වාහන නැවැත්වීම් වැරදි සීය ඉක්මවා යාමේදී දඩ මුදල් ඉහල දැමීමට අදාළව ටොරොන්ටෝ කවුසිල මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇත. පසුගියදා පැවති රැස්වීමක් අතරතුරු වාහන නැවැත්වීම සම්බන්ධයෙන් වැරදි එකසිය විසි පහක් සඳහා දඩ මුදල් වැඩි කිරීමට යෝජනා කළ අතර ඊට අදාළ විවාදයද පැවැත්විණි.කවුන්සිලයේ යටිතල පහසුකම් සහ පරිසර කමිටුවේ සභාපති ජෙණිෆර් මැකෙල්වී අදාළ දඩ මුදල වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කෙරිණි. යෝජනාව විස්සට එකක් ලෙස අනුමත විය. මේ අනුව පාපැදි මං තීරුවලින් වාහන නැවැත්වීමේ දඩය ඩොලර් එකසිය පනහේ සිට දෙසීයය දක්වා ඉහල දමා ඇති අතර වාහන නැවැත්වීමේ යන්ත්‍ර සඳහා ගාස්තු නොගෙවීම ඩොලර් තිහේ සිටියේ ඩොලර් පනහ දක්වාෙ ඉහළ යනු ඇත. අනුමත කිරීමේ ගාස්තු අගෝස්තු පලවෙනි දා සිට ක්‍රියාත්මක වේ.
Related Posts
බිෂ්නෝයි කල්ලිය ඉන්දීය රජය වෙනුවෙන් ‘ක්‍රියා කරන’ බව RCMP වාර්තාවක් පවසයි.
කැනේඩියානු මාධ්‍ය සොයාගත් RCMP ලේඛනයකට අනුව, කැනඩාවේ කප්පම් ගැනීම් සහ කුලියට මිනීමැරුම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ ඉන්දියානු කල්ලියක් “ඉන්දියානු රජය වෙනුවෙන් ක්‍රියා…
නේටෝ(NATO) නායක සමුළුවට සහභාගි වීම සඳහා අගමැති ජස්ටින් ටෲඩෝ ලබන සතියේ වොෂින්ටනයට.
අගමැති ජස්ටින් ටෲඩෝ ලබන සතියේ නේටෝ නායක සමුළුවට සහභාගි වීම සඳහා වොෂින්ටනය වෙත පැමිණීමට නියමිතයි.නේටෝ සංවිධානයට අයත් රටවල් 32 ක…
ගුවන් ගමනාගමන පාලක හිඟයක් කැනේඩියානු ගුවන් තොටුපළවලට බලපෑම්.
ගුවන් ගමනාගමන පාලකවරුන්ගේ හිඟයක් හේතුවෙන් මෑත සතිවලදී කැනඩාව පුරා ගුවන් තොටුපළවල ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් සිදුවී ඇති අතර, කාර්ය මණ්ඩල හිඟය ඉක්මනින්ම…


