අමෙරිකාවේ දරුණු ගුවන් අනතුරක්.

අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී Washington DC අගනුවර ගුවනේ දී මගී ප්‍රවාහන ගුවන් යානයක් සහ යුද්ධ හමුදාවට අයත් බ්ලැක්හෝක් වර්ගයේ හෙලිකොප්ටර් යානය Black Hawk Helicopter ගැටී සිදුවුණු අනතුරින් කිසිවෙකුත් ඡීවතුන් අතර නොමැතිබව ඇමෙරිකානු බලධාරීන් පවසයි.අනතුර සිදුවී පැය කිහිපයකට පසු මළ සිරුරු 18 ක් සොයාගෙන තිබේ.ඒ යානා දෙකම අසල පිහිටි පොටොමැක් ගංගාවට Potomac River ඇදවැටීමෙන් අනතුරුවයි.කැන්සාස්හි සිට පැමිණි මෙම යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ මගීන් 64 දෙනෙක් ගමන් කර ඇති බව අමෙරිකානු බලධාරීන් පැවසයි.

කැන්සාස් ප්‍රාන්තයේ සිට ගුවන් ගත වූ ඇමරිකා ඊගල් 5,342 මගී ගුවන් යානය වොෂින්ටන් නුවර රොනල්ඩ් රේගන් ජාතික ගුවන්තොටුපොළේ Ronald Reagan Airport ධාවන පථය වෙත ගොඩබෑමට ලඟාවෙමින් තිබුණු අතර සිදු වුයේ අනපේක්ෂිත සිදුවිමකි.

වර්ජිනියාවේ ෆෝට් බෙල්වොයර් හි සිට ගුවන් ගත වූ බ්ලැක් හෝර්ක් වර්ගයේ හමුදා හෙලිකොප්ටර් යානය මෙම මගී ගුවන් යානයේ ගැටි ඇත.හෙලිකොප්ටරයේ ගැටුණු ගුවන් යානය කඩා වැටුණේ වොෂින්ටන් නුවර පොටෝමැක් ගඟටයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුර සිදුවන අවස්ථාවේ මගී ගුවන් යානයේ මගීන් 60 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 04 දෙනෙකු සිට ඇති බවයි.අමෙරිකානු හමුදා සොල්දාදුවන් තුන් දෙනෙකු අනතුරට ලක් වු හෙලිකොප්ටරයේ සිට ඇතැයි සඳහන් වේ.අනතුරින් පසුව බෝට්ටු යොදාගනිමින් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වී තිබේ.

අනතුරත් සමග රීගන් වොෂින්ටන් ජාතික ගුවන් තොටුපළ තුළ සහ ඉන් පිටතට යන සියලුම ගුවන් ගමන් තාවකාලිව නවතා දැමුණා.අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, මෙම අනතුර අදහා ගත නොහැකි අනතුරක් බවයි.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *