කැනඩාව සහ මෙක්සිකෝව ගැන ට්‍රම්ප් යලි අඩියක් පසුපසට – චීනය ඕනෑම ගේමකට සැරසේ.

මෙම සතියේ ක්‍රියාත්මක වීමට තිබූ කැනඩාව සහ මෙක්සිකෝව මත පැනවූ නව තීරුබදු අය කිරීමේ තීරණය අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තාවකාලිකව කල් දැමීමට තීරණය කර තිබේ.

අමෙරිකාව සිය දෙවන විශාලතම වෙළෙඳ හවුල්කරුවන් දෙදෙනා සම්බන්ධයෙන් මෙවැනි පියවරක් අනුගමනය කළ දෙවැනි අවස්ථාව මෙය වේ.

ඉකුත් බදාදා ට්‍රම්ප පවසා තිබුණේ මෝටර් රථ නිෂ්පාදකයින් 25% ක ආනයන බදු වලින් තාවකාලිකව නිදහස් කරන බවයි.

මෙක්සිකානු ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් ට්‍රම්ප්ට මෙම පියවර ගැනීම සම්බන්ධයෙන් ස්තූති පළ කර තිබූණි. එසේම කැනඩා මුදල් අමාත්‍යවරයා පවසා තිබුණේ අමෙරිකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ සදහා පනවා තිබූ තීරු බදුද තාවකාලිකව අත්හිටුවන බවයි.

මේ අතර කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය තීරුබදු මත පදනම් වූ වෙළඳ යුද්ධයක දෙරටේ ගැඹුරින් බැඳී ඇති ආර්ථිකයන් අඩපණ කිරීමට සහ පාරිභෝගික පිරිවැය ඉහළ නැංවීමට හේතුවී තිබුණා.

පසුගිය 04 වැනි අඟහරුවාදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයට අනුව සියලුම කැනේඩියානු භාණ්ඩ සඳහා සියයට 25 ක තීරුබදු පැනවීම හා බලශක්තිය හැර, සියයට 10 ක තීරුබදු අය කිරීම  බලාත්මක විය. එතැන් සිට කැනඩාව ඇමරිකානු ආනයන සඳහා ඩොලර් බිලියන 30 ක තමන්ගේම සියයට 25 ක තීරුබදු සමඟ එහි ප්‍රතිචාරයේ පළමු අදියර එළිදැක්වීය.

මේ අතර, මෙම බදු සංශෝධනය සම්බන්ධයෙන් අගමැති ජස්ටින් ටෲඩෝ සහ එක්සත් ඡනපද ඡනපති ට්‍රම්ප් අතර පසුගියදා "උණුසුම්" දුරකථන සංවාදයක් පවත්වා ඇත. කැනඩාව තම ප්‍රති-පියවරයන් ප්‍රතික්ෂේප කළහොත් ට්‍රම්ප් තීරුබදු කිහිපයක් අඩු කිරීමට ඉදිරිපත් වූ බව එහිදී ප්‍රකාශ කර තිබෙ.  

මේ අතර ඔන්ට් හි කනාටා හි ළමා ආරක්ෂණ නිවේදනයක් අතරතුර ටෲඩෝ මෙම ප්‍රකාශය කළේ.තමන් ට්‍රම්ප් සමඟ කළ සංවාදයේ විස්තර හෙළි නොකරන අතර, එය "වර්ණවත් ඇමතුමක්" නමුත් "ඉතා වැදගත් ඇමතුමක්" ලෙස හඳුන්වන බවයි.

සියලුම ඇමරිකානු තීරුබදු පහත හෙළනු දැකීමට කැනේඩියානු පාර්ශවය උනන්දු වන බව ඔහු පැවසීය.

"අඛණ්ඩ සංවාද පවතිනවා," ඔහු පැවසුවේ වෙළඳ යුද්ධය "අපේක්ෂා කළ හැකි අනාගතය දක්වා" පැවතිය හැකි බවයි. හැකි සෑම විටම "කැනේඩියානු මිලදී ගැනීම" දිගටම කරගෙන යන ලෙස ඔහු ජනතාව දිරිමත් කළේය.

මේ අතර කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා 25% ක තීරුබදු පැනවීම අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර නිවේදනය කර තිබිණි.ඔහු පවසා ඇත්තේ, ඒ සම්බන්ධයෙන් රටවල් දෙක සමග ගනුදෙනුවකට එළඹීමට ලබා දී තිබූ කාලය අවසන් වී ඇති බවයි.

කැනඩාවට සහ මෙක්සිකෝවට 25% ක තීරුබදු පනවන බව ට්‍රම්ප් වසර මුල සිට අනතුරු අගවා තිබිණි.ඔහු ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව තීරුබදු පැනවීම ප්‍රකාශයට පත්කළ අතර, ඒ සම්බන්ධයෙන් වන විධායක නියෝගය බලාත්මක වීමට නියමිතව තිබුණේ පසුගිය 04 වැනිදා සිටයි.

ඒ අනුව, පූර්ව ප්‍රකාශ පරිදි කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා 25% ක තීරුබදු පැනවීම ස්ථීර බව ට්‍රම්ප් පසුගියදා නිවේදනය කර තිබේ.ඊට ප්‍රතිචාර වශයෙන් එදින අමෙරිකානු කොටස් වෙළඳපොළ පහතවැටීමක්ද සිදුවිය.

මේ අතර චීන ආනයන සඳහා ද ට්‍රම්ප්  පසුගිය 04 වැනිදා සිටය අතිරේක 10% තීරුබද්දක් ප්‍රකාශයට පත්කර තිබේ.ඒ අනුව, චීනයට ඉකුත් සතියේ පනවනු ලැබූ 10% ක තීරුබද්ද සමග මේ වනවිට බලාත්මක වන අතිරේක තීරු බද්ද 20% කි.

ට්‍රම්ප් පාලනය හමුවේ ඇමරිකාවේ ප්‍රමුඛතම වෙළඳ හවුල්කරුවන් තිදෙනාම වඩා ඉහළ වෙළඳ බාධකයකට මුහුණ දී සිටියි.තීරුබදුවලට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාවට එරෙහිව දැඩි ප්‍රතිචාර දක්වන බව රටවල් තුනම පවසා ඇත.

ඒ හමුවේ, පුළුල් වන වෙළඳ යුද්ධයක් සම්බන්ධයෙන් අන්තර්ජාතික ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අගවා තිබේ.අමෙරිකාවට අවශ්‍ය කුමන වර්ගයේ යුද්ධයක් ද, තමන් ඒ සඳහා සූදානම් බව චීනය පවසයි.

චීනය මේ බව පැවසුවේ අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් චීනයට එරෙහිව වරින්වර පනවමින් තිබෙන දැඩි ආනයන තීරු බදු සඳහා ප්‍රතිචාර ලෙසයි.ඒ අනුව, චීන ආනයන සඳහා අමෙරිකාව තීරුබදු ඉහළ නැංවීමට බොළඳ තර්ක ඉදිරිපත් කරන බව පවසමින් චීනය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රතිප්‍රහාර එල්ල කර තිබේ.

“යුද්ධය එක්සත් ජනපදයට අවශ්‍ය නම්, අපි අවසානය දක්වා සටන් කිරීමට සූදානම්” චීන විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

එම යුද්ධය තීරුබදු යුද්ධයක් හෝ වෙළඳ යුද්ධයක් හෝ වෙනත් ඕනෑම ආකාරයක යුද්ධයක් වේවා ඊට සූදානම් බව එම අමාත්‍යංශයේ ප්‍රකාශක ලින් ජියෑන් ජනමාධ්‍ය හමුවේ පැවසීය.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පෙබරවාරි මාසයේදී චීන ආනයන සඳහා පනවා තිබූ 10% තීරුබදු 20% දක්වා දෙගුණයක් කළ අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඊයේ චීනය අමෙරිකානු ගොවිපළ අපනයනවල පුළුල් පරාසයක් මත 15% දක්වා තීරුබදු සමඟ ප්‍රතිප්‍රහාර එල්ල කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *